සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන කටයුතුවල දී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකරන පළමු සාකච්ඡාව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දෙපාර්ශවයේ කමිටු සාමාජිකයින් අතර එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ.
දෙපාර්ශවයේම යෝජනා සැලකිල්ලට ගනිමින් ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ.