Local

අග්නිදිග සරසවියේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් පළමු වසරේ සිසුන්ට ගුටි බැට

Wednesday, 16 July 2025 - 11:02 am

තමන්ට දුන් නවකවදය සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි සමඟ හෙළිදරව් කළ අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් ඊයේ (15) පහරදීම හේතුවෙන් පළමු වසරේ සිසුන් හතර දෙනකු තුවාල ලබා ඇත.

තුවාලකරුවන් රැගෙන යාමට පැමිණි ගිලන් රථයේ රියැදුරු ද මෙහිදී කලහකාරී සිසුන්ගේ පහරකෑමෙන් තුවාල ලබා ඔලුවිල් ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව අක්කරෙයිපත්තුව පොලීසිය පවසයි.

අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට ජූනි මාසයේ දෙවැනි සතියේ දිනක නවකවදය දීමක් සම්බන්ධයෙන් එම සරසවි සිසුන් 20දෙනකුගේ පන්ති තහනම් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා ඇත. පන්ති තහනම් කිරීමේ තීරණය ගෙන තිබුණේ එම පරීක්ෂණය මත තහවුරු වූ කරුණු මතය. ජූනි මාසයේදී සිදුවූ මෙම පහරදීමට සම්බන්ධ සිසුන් 12 දෙනකු අක්කරෙයිපත්තුව පොලීසිය අත්අඩංගුවට ගත්තේය. අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් මේ වනවිටත් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

ඔලුවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ සරසවි මැඳුර බෝයිස් විලා 2, ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුළු වූ තෙවැනි වසරේ සිසුන් කණ්ඩායමක් එහි සිටි පළමු වසරේ සිසුන් පිරිසක් නවකවදයට ලක් කරන අවස්ථාවේදී ජංගම දුරකතනයකින් වීඩියෝගත කළ යම් සිසුවකු එය පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි. පොලිස් විමර්ශන ද ආරම්භ කරනු ලබන්නේ එම වීඩියෝව පදනම්කරගෙනය. විශ්වවිද්‍යාල බලධාරීන් ද විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේ ඒ අනුවය.

නවකවදය දීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම්වත් කිරීම සහ අදාළ දර්ශන මාධ්‍යයට නිකුත් කිරීම මුල් කර ගනිමින් ඊයේ (15) අලුයම පහරදීම සිදුව තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් හතරදෙනකු පහරකෑමෙන් තුවාල ලබා තිබේ.

 
 
 
 


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT