Local

ගුවන් හමුදා ක්‍රීඩා වර්ණ රාත්‍රිය උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

Monday, 08 July 2024 - 4:31 pm

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ ජයග්‍රහණ ඇගයිම වෙනුවෙන් ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා ක්‍රීඩා වර්ණ රාත්‍රීය ආරක්ෂක ලේකමි විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා රත්මලාන ඊගල් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී  පසුගිය (05) වනදා උත්කර්ශවත් අයුරින් පැවැත්විණ.

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ මෙන්ම ක්‍රිඩා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලූම පාර්ශවකරුවන්ගේ කැපවීම අගයන සුවිශේෂි අවස්ථාවක් වන මෙම ගුවන් හමුදා ක්‍රිඩා වර්ණ රාත්‍රියේ ප්‍රථම ක්‍රිඩා වර්ණ රාත්‍රිය 1964 වර්ෂයේ දී රාජකීය ලංකා ගුවන් හමුදාව විසින් පවත්වා ඇත.

එහිදී පාදක වර්ෂයන් ලෙස ගෙන ඇත්තේ 1962 සහ 1963 වර්ෂයි.

එහිදී වසරේ දක්ෂතම ක්‍රීඩකයා සදහා සම්මානයක් හදුන්වා දී ඇති අතර එය වර්ථරාසා අනුස්මරණ කුසලානය ලෙස හදුන්වා දී ඇත්තේ චීනවරාය ගුවන් හමුදා වීද්‍යාපීඨයේ සිදු වූ ගුවන් අනතුරකින් මියගිය ෆ්ලයිටි ලෙෆ්ටිනන් අප්පාපිල්ලයි වර්ථරාසා නිළධාරීවරයා අනුස්මරණය කිරීම සදහාය.

ඒ අනුව ඒ වර්ථරාසා අනුස්මරණ කුසලානය දිනාගත් පලමු දක්ෂතම ගුවන් හමුදා ක්‍රීඩකයා ලෙස බලපංති සැරයන් බර්ටි ඒකනායක සහ ගුවන් හමුදා වර්ණ ලබාගත් ප්‍රථම ගුවන් කාන්තාව ලෙස වෙඩිතැබීමේ ක්‍රීඩාව නියෝජනය කල නායක ගුවන් කාන්තා හදුන්සූරිය කේඑම්පීකේ ගුවන් හමුදා ක්‍රීඩා දිනපොතේ ඉතිහාසයට එක්වනු ඇත.

 

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා වර්ණ ප්‍රධාන  ඉතිහාසයේ පලමු වරට ක්‍රීඩක ක්‍රිඩිකාවන් දිරි ගැන්වීමේ අරමුණින් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාඡපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව 2022 සහ 2023 වර්ෂයන්හි දක්ෂතාවයන් දැක්වූ ක්‍රීඩක ක්‍රිඩිකාවන් හට මුල්‍යමය ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදුවිය.

 

වසර දෙකකට වරක් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා ක්‍රිඩා වර්ණ රාත්‍රියේදි ක්‍රීඩාවන් 37 ක් ඇගයීමට ලක් කරන අතර මෙවර 2022 හා 2023 වර්ෂයන්හිදී දේශිය ක්‍රිඩා තරගවලදි දක්ෂතා දැක්වු ක්‍රිඩක ක්‍රිඩිකාවන් මෙන්ම ශ්‍රි ලංකාව නියෝජනය කරමින් විදේශිය ක්‍රිඩා තරග සදහා සහභාගි වෙමින් දක්ෂතා දැක්වු ගුවන් හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන් 355 දෙනෙකු හට වර්ණ 555 ක් ප්‍රධානය කිරිම සිදු විය.

 

මෙම වර්ණ රාත්‍රීයේදී 2022 වසර වෙනුවෙන් දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජූඩෝ ක්‍රීඩාව නියෝජනය කල සැරයන් චාමර ධර්මවර්ධන ෆ්ලයිටි ලෙෆ්ටිනන් ඒ වර්ථාරාසා අනුස්මරණ කුසලානය දිනාගත් අතර 2022 වර්ෂයේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස බොක්ෂිං ක්‍රීඩාව නියෝජනය කල නායක ගුවන් කාන්තා සජීවනී කුරේ විසින් ෆ්ලයිටි ලෙෆ්ටිනන් ප්‍රීයා අබේවීර ගුණවර්ධන අනුස්මරණ කුසලානය දිනාගන්නා ලදි.

 

2023 වසරේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස බර ඉසිලීමේ ක්‍රීඩාව නියෝජනය කල නායක ගුවන් භට මධුෂාන්ත ජයතිලක විසින් ෆ්ලයිටි ලෙෆ්ටිනන් ඒ වර්ථරාසා අනුස්මරණ කුසලානය දිනාගත් අතර 2023 වසරේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කල සැරයන් ඕෂදී රණසිංහ  විසින් ෆ්ලයිටි ලෙෆ්ටිනන් ප්‍රීයා අබේවීරගුණවර්ධන අනුස්මරණ කුසලානය දිනාගත්තේය.

 

ගුවන් හමුදා දක්ෂතම ක්‍රීඩා කඳවුර වෙත පිරිනමනු ලබන වර්ණන් රාජපක්ෂ කුසලානය 2022 වසරේ ශ්‍රි ලංකා ගුවන් හමුදා වීද්‍යාපීඨය චීනවරාය කඳවුර  විසින් දිනා ගත් අතර 2023 වසරේ එම කුසලානය ශ්‍රි ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර විසින් දිනා ගන්නා ලදි.

 

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා ක්‍රිඩා කවුනස්සලයේ වත්මන් සභාපති ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, ඡේෂ්ඨ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී විය.


Top Stories
wedivistara

හෙද සේවයට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදන දෙකක් සිකුරාදා නිකුත් කෙරේ

wedivistara

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල පහක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

online ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

හරක් කටා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම ‍කෙරේ

wedivistara

නව සයිබර් ආරක්ෂණ සැලැස්මට කැබිනට් අනුමැතිය

wedivistara

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටුමකින් සිසුන් 04 ක් තුවාල ලබයි

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි


NEWS ALERT