Local

පොදු ප්‍රවාහනයේ දී සිදුවන කාන්තා හිංසන වැළැක්වීමට බුද්ධි අංශ යොදවනවා – ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ගම්පහ දී කියයි

Tuesday, 30 January 2024 - 4:45 am

පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන හිංසන වැළැක්වීමට බුද්ධි අංශ යොදවන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ගම්පහ ප්‍රදේශයේ ප්‍රජාව පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවැති වැඩමුළුවකට එක්වෙමින් ඊයේ (29) පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

Òසමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාර්ග රැසකින් කාන්තාවන් සහ දරුවන් හිංසනයට සහ අතවරයට පත්වීම වත්මන් සමාජයේ විශාල ගැටලුවක් වී තිබෙනවා.කාන්තාවන්ගේ සහ දරුවන්ගේ නිරුවත් ඡායාරූප ලක්ෂයකට අධික ප්‍රමාණයක් පසුගිය වසරේ විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වී තිබෙනවා. ඒ සියලු කරුණු පිළිබඳව සලකා බලමින් අප පසුගියදා විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. බොහෝ දෙනකු ඒ පිළිබඳවද විවිධ විවේචන කරමින් සිටිනවා. නමුත් දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. කාන්තාවන් සහ දරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ දැනුවත් කිරීමට 109 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා. එහි පැමිණිලි භාර ගැනීම භාරව කටයුතු කරන්නේ ද කාන්තා පොලිස් නිලධාරිනියන්. එවැනි පැමිණිලි සම්බන්ධව පැය 48ක් ඇතුළත සම්පූර්ණ විමර්ශන කිරීමට පියවර ගෙන තිබෙනවා.

කාන්තාවකට නිදහසේ බස් රියක ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.විවිධ ආකාරයේ හිංසනයන්ට ඔවුන් ගොදුරු වෙනවා. මේ තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් මේ වන විට බුද්ධි අංශ යොදවා ඒ පිළිබඳ ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබෙනවා. කාන්තාවන් එලෙස හිංසනයට ලක් කරන ඕනෑම අයෙකු ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන අවශ්‍ය නීතිමය කටයුතුවලට ඉදිරිපත් කරන ලෙස එම නිලධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා. බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන මාර්ග භාවිතයේදී මෙන්ම,ප්‍රසිද්ධ ස්ථානවලදී පවා විවිධ ආකාරයේ හිංසනයන්ට,උසුළු විසුලු කිරීම්වලට කාන්තාවන් භාජනය වීම වැළැක්වීමට නීතිමය ක්‍රියාමාර්ග දැඩිව අනුගමනය කරන ලෙස මා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. මෙවැනි ක්‍රියා වැළැක්වීමට මහජනතාවගේ සහාය ද අපට අවශ්‍යයි. තම පවුල්වල කාන්තාවන්,දරුවන්,සහෝදරියන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් ඒ සහයෝගය ලබාදීමට ජනතාව අප සමඟ එක්වනු ඇති බවට මා විශ්වාස කරනවා.Ó

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරුද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT