Local

දේශීය ආදා­යම් වස­රක වැඩිම බදු ආදා­යම 2023දී කෝටි 155,060ක්

Saturday, 13 January 2024 - 5:30 am

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ එක් වසරකදී අය කරගත් ඉහළම බදු ආදායම ලෙස වාර්තා තබමින් වසර 2023දී රුපියල් කෝටි 155,060ක් (රු. බිලියන 1,550.6) ආදායමක් උපයාගෙන ඇත. මෙය වසර 2023 ආරම්භයේ ඇස්තමේන්තුගත ආදායමෙන් 104%ක් වන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්.ඒ. සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

වසර 2022 තම දෙපාර්තමේන්තුව රු. බිලියන 861.2ක ආදායමක් ලැබූ බව පවසන ඇය ඉකුත් වසරේ රු. බිලියන 1550.5ක ආදායමක් රැස් කරගෙන ඇතැයි ප්‍රකාශ කරන්නීය. මෙලෙස ඉතා ඉහළ බදු ආදායමක් රැස් කරගැනීමට කටයුතු කිරීමේදී සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බදු ආදායම වසර 2022ට වඩා වසර 2023දී 25%කින් වැඩි වී ඇත. වසර 2022දී ඒ බද්දෙන් රු. බිලියන 488.6ක් ලැබුණු අතර, වසර 2023දී එය රුපියල් බිලියන 611.3 දක්වා වැඩි වී ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන වශයෙන් අය කරන පුද්ගල අත්තිකාරම් ආදායම් බද්ද, එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, ඔට්ටු හා සූදු බද්ද, කොටස් ගනුදෙනු බද්ද ඇතුළු වෙනත් බදුවලින්ද ඉහළම ආදායම් ලබා ගැනීමට දෙපාර්තමේන්තුව සමත් වී ඇත. වසර 2022දී තම දෙපාර්තමේන්තුව රැස් කළ රු. බිලියන 816ට වඩා වසර 2023දී රු. බිලියන 1550.6ක ආදායමක් රැස් කරගෙන ඇත. එය පෙර වසරට සාපේක්ෂව වසර 2023දී 80%ක ආදායම් ඉහළ යෑමකි.

වසර 2022ට සාපේක්ෂව වසර 2023දී බදු ආදායම් ඉහළ යෑමට බදු පරිපාලනය විසින් බදු සම්බන්ධයෙන් සිදු කළ කාලීන හා කඩිනම් පියවර, තීන්දු තීරණ, නිලධාරින්ගේ කැප වීම හේතු වී තිබේ. ඊට අමතරව බදු ගෙවීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් රට පුරා බදු ගෙවන්නන් දැනුවත් කිරීමද හේතු වී ඇත. රටේ හා පොදු ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා බදු ගෙවීම ගෞරවනීය කටයුත්තක් සේ සිතා ක්‍රියා කළ සැමටත්, ඊට සහාය දැක්වූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සැමටත් කොමසාරිස් ජනරාල්වරිය ස්තුතිය පළ කළාය.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT