සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 ක්රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්තය පළමුව පන්දුවට පහර දුන් අතර එහිදී ඔවුන් පන්දුවාර 19යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 135ක් ලබා ගත්තා.
අනතුරුව ලකුණු 136ක ජයග්රාහි ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු 140ක් රැස් කරමින් සිය ජයග්රහණය හිමි කර ගැනීමට සමත් වුණා.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35ක් රැස්කළා.