Local

සංචා­ර­ක­යන් යා යුතු තැන් 52 අත­රට මීග­මු­වත්

Saturday, 13 January 2024 - 5:35 am

ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තයක් බවට යළිත් වරක් තහවුරු කරමින් 2024 වසරේ ‘යා යුතු ස්ථාන 52’ අතරට මීගමුව ඇතුළත් කිරීමට ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත පියවර ගෙන තිබේ.

ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් වන මීගමුව, නිව්යෝර්ක් ටයිම්ස් විසින් 2024දී ලොව යා යුතු ස්ථාන 52 අතරට ශ්‍රේණිගත කර තිබෙන අතර, එම ශ්‍රේණිගත කිරීමට අනුව 16 වැනි ස්ථානයට මීගමුව පැමිණ ඇතැයි සංචාරක අමාත්‍යාංශය පවසයි.

අන්තර්ජාතික සංචාරකයන් සඳහා ආසන්න අන්තර්ජාතික ගුවන් තොටුපොළක් තිබීම, වෙරළ තීරයන්වලින් සමන්විත වීම, අඩු තදබදයක් සහිත ගමනාන්තයක් වීම, සිත් ඇදගන්නාසුලු වෙහෙර විහාරස්ථාන තිබීම යන කරුණු මේ ශ්‍රේණිගත කිරීමට පදනම් කරගෙන තිබේ.

ලෝකයේ සංචාරය කළ හැකි හොඳම නගර 52න් 16 වැනි තැනට මීගමුව පැමිණ තිබෙන අතර විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් අලුත්ම ස්ථාන කිහිපයක් මේ වසරේ නම් කරන බවද සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ වටා සංචාරක කර්මාන්තය දියුණු කරන බව පෙන්වා දෙන ඒ මහතා පසුගිය 2023 වසරේදී විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වාගැනීම ඉලක්කය වී තිබූ බවද සිහිපත් කළේය.

2024 වසරේ සංචාරකයන් ඉලක්කය ලක්ෂ 23ක් බව කී ඇමැතිවරයා ඒ වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද මේ අතර ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT