Sports

ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්

Sunday, 01 September 2024 - 11:57 am

ශ්‍රී ලංකා - එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

මෙම තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.

එංගලන්තය සිය දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 251ක් රැස් කර ගත්තේය.

ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 483කි.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 196කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්විය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී  එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් එක් කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 3වන අර්ධ ශතකය වාර්තා කළේ ලකුණු 74ක් රැස් කරමිනි.

අද දිනයට තරගය ආරම්භ කිරීමට පෙර ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමේ අවස්ථාව අද හිමි වුණේ  ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ටය.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 231ක් ඉදිරියෙන් සිටිමින්  සිය දෙවන ඉනිම ඇරඹු එංගලන්තය අද දිනය අරඹන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබා සිටියේය.

එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් ශතකයක් වාර්තා කළ අතර එය ඔහු මෙම තරගයේ රැස්කළ දෙවැනි ශතකය ලෙස වාර්තා පොත් අතර ට එක්විය.


Top Stories
wedivistara

සීගිරිය රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණයක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

සහල් ආනයන කාල සීමාව දීර්ඝ නොකිරීමට රජය තීරණය කරයි

wedivistara

වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචි වී​ම අනිවාර්ය කෙරේ

wedivistara

උඩරට දුම්රිය මාර්ගයේ නායයාමක් හේතුවෙන් ගමනාගමනයට බාධා

wedivistara

මත්පැන් සහ දුම්වැටි බදු ඉහළ​ට

Trending
wedivistara

සජිත් - රනිල් කියන්නේ පරණ යාළුවෝ. යාළුකම් අමතක වෙන්නෑ - නවීන් දිසානායක

wedivistara

ඉදිරි අයවැය ඉදිරිපත් කරන්න පුළුවන් රනිල්ගේ ප්‍රතිපත්ති රාමුව තුළ පමණයි - වජිර

wedivistara

"පොලිස්පතිට කියන්න" සේවාව නව මුහුණුවරකින් එළිදක්වයි

wedivistara

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

wedivistara

තරුණ සේවා සභාවේ මිලියන 323 ක් ප්‍රසංගයකට වියදම් කරලා - එරංග ගුණසේකර

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT