Local

නැන්දගෙ මළ ගෙදරටත් යන්න බැරි වුණු නිසා තුන්මාසෙ පින්කමට කොහොම හරි යන්න ඕනි කියලයි මහත්තයා පිටත් වෙලා ගියේ

Monday, 29 January 2024 - 10:05 am

නාරම්මල කිවුල්ගල්ල වංගුව අසලදී කන්ටේනර් – ත්‍රිරෝද අනතුරින් මිය ගිය මෙල්රෝයිගේ බිරිය සුභාෂිණි හඬා වැටෙයි

“මහත්තයා එයාගෙ නැන්දගෙ මළ ගෙදරටත් යන්න බැරුව ගිය නිසා තුන්මාසෙ පින්කමට කොහොම හරි යන්න ඕනි කියලා

තමයි 27 වෙනිද හැන්දෑවෙ මේ ගමන පිටත් වුණේ. බණ තියෙන නිසා එදා උදෙන්ම එයාගෙ ත්‍රිරෝද රථයේ තව කීප දෙනෙක් එක්ක අනුරාධපුරේ යන්න පිටත් වුණා. මෙහෙම දෙයක් වෙයි කියලා මම හීනෙකින් වත් හිතුවේ නැතැ” යි වත්තල හුනුපිටියේ පදිංචි වී සිටි ෆීලික්ස් මෙල්රෝයි මහතාගේ බිරිය සුභාෂිණි මහත්මිය හැඬු කඳුළින් පැවසුවාය.

ඇය එලෙස ප්‍රකාශ කළේ නාරම්මල කිවුල්ගල්ල වංගුව අසලදී පෙරේදා (27) උදෑසන සිදු වූ කන්ටේනර් රථයක් සහ ත්‍රිරෝද රියක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරෙන් මියගිය මෙල්රෝයි මහතාගේ අභාවය සම්බන්ධයෙන් අප හා අදහස් දක්වමිනි.

මේ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ තිදෙනාගෙන් දෙදෙනකු සහ රියැදුරු මරණයට පත් විය. එම ත්‍රිරෝද රථයේ ගමන් කළ කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ වත්තල හුණුපිටියේ පදිංචි වී සිටි ෆීලික්ස් මෙල්රෝයි, කැලණිය ගල්බොරැල්ලේ රණවිරු කනිෂ්ක මාවතේ පදිංචි වී සිටි චමින්ද කුමාර සහ කැලණිය දලුගංගොඩ පදිංචි වී සිටි ඉන්දිකා ද සිල්වා යන තිදෙනායි.

මේ අනතුරින් තුවාල ලබා ඇත්තේ චමින්ද කුමාරගේ බිරියයි. මෙල්රෝයි මහතා තමාට අයත් ත්‍රිරෝද රථයෙන් පෙරේදා (27) අලුයම හතරට පමණ ගමන ආරම්භ කර ඇති අතර, එසේ යන අතරතුර නාරම්වල ප්‍රදේශයේදී මේ මාරක රිය අනතුරට මුහුණ දී ඇත.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT