Local

අපි තීන්දුවක් ගන්න ඕනෑ ආයෙ වරදින්නේ නැති, අමාරුවේ වැටෙන්නේ නැති තීන්දුවක් - අනුර

Sunday, 23 June 2024 - 6:56 am

මෙවර ජනතාව නැවත නොවරදින සහ නැවත අමාරුවේ නොවැටෙන තීන්දුවක් ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
මෙතෙක් කල් ජනතාව තීන්දු ගෙන සෑදූ ආණ්ඩු පොදු මිනිසුන්ගේ ආණ්ඩු නොවන බවත්, ඒවා ලොකු වලව් නියෝජනය කළ ඉහළ අයගේ ආණ්ඩු බවයි ඔහු පෙන්වා දුන්නේ.
ඔවුන්ගේ ආණ්ඩු සැමදා තීන්දු තීරණ ගත්තේ ඒ අයට හිතකර ලෙස බවද, ත්‍රීරෝද රථයට තුන් හතර ගුණයක බද්දක් ගසන නමුත්, ඔවුන්ගේ වාහනයට එවැනි විශාල බද්දක් නොගසන බවද, සාමාන්‍ය ජනතාව මිලදී ගන්නා සෑම සීනි කිලෝවකට, පරිප්පු කිලෝවකට, සබන් කැටේට සහ බෙහෙත් ටිකට බදු ගැසුවද, ඔවුන්ගේ හිතමිතුරන්ගේ බදු ඔවුන් නිදහස් කරන බවද ඔහු සඳහන් කළා.
ගොවි ජනතාව බැංකුවලින් ණය ගෙන වගා කිරීමේදී වගාව විනාශ වුවහොත් ණය ගෙවා ගැනීමට නොහැකි වී ගේ දොර වෙන්දේසි කරන තැනට පත්වන නමුත්, දයා ගමගේ කෝටි 500ක් පමණ පොලු තබා හෙලිකොප්ටරෙන් යන බවද, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඇලෝසියස් මුදලාලි බැංකුවලට, බදුවලට පොලු තබා තිබුණද, ඔවුන්ට කිසිවක් නොකරන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මෙසේ වන්නට හේතුව මෙතෙක් කල් සාමාන්‍ය ජනතාව ආණ්ඩු සෑදීමට ඡන්දය ලබා දුන්නද, ඒ ආණ්ඩු සැමදා රට පාලනය කළේ ඔවුන්ගේ පංතියේ අය ගැන පමණක් සිතමින් බවයි ඔහු අවධාරණය කළේ.


Top Stories
wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

wedivistara

ගංජා කිලෝ 29ක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

wedivistara

ගව සොරකම් 13ක් සිදුකළ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

wedivistara

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

wedivistara

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT