Local

ජයග්‍රහණය ලබපුවහම අනුර කරන දේ

Thursday, 05 September 2024 - 10:39 am

වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකට ඉදිරි මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අවස්ථාව අහිමි වනු ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු පවසන්නේ සිය ජයග්‍රහණයෙන් අනතුරුව කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවය.

ජාඇළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

'අපි ජයග්‍රහණය ලබපුවහම ආරම්භයේ දීම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එතකොට සමහරු අහනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඊළඟ පාර්ලිමේන්තුව පත්කරන තෙක් කැබිනට් මණ්ඩලයට මොකද වෙන්නේ කියලා. කලබල වෙන්න එපා. අපි ව්‍යවස්ථානුකූලව ඒ අන්තර් කාලයේ අපි රට පාලනය කරනවා. එකක් තමා අපි ජනාධිපති වුණාම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිස්වෙනවා. තව කෙනෙකුට එන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ තුනයි, මමයි හතරයි. හදනවා 4 දෙනාගෙන් කැබිනට් මණ්ඩලය. මොකද්ද ප්‍රශ්නය, ව්‍යවස්ථාවට එකඟයි. එහෙම බැරි නම් ජනාධිපතිවරයාට පුළුවන් සියලුම විෂයන් තමන්ගේ යටතට ගැසට් කරගන්න. ව්‍යවස්ථාවට එකඟයි. එහෙම නැත්නම් භාරකාර ආණ්ඩුවක් ඕනේ නම් එහෙම එකකුත් පුළුවන්. මම අද කියන්නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න තුනෙන් දෙකක් ඊළඟ පාර්ලිමේන්තුවේ නෑ.'


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT