Local

කොච්චර ඉහළ මිලකට වී මිල දී ගත්තත්, සහල් මිල වැඩි කරන්නේ නෑ - ලාල්කාන්ත

Saturday, 15 February 2025 - 9:30 pm

ගොවියාගේ පැත්තෙන් බලන විට වී මිල සම්බන්ධයෙන් හෝ වී විකුණා ගැනීමට න‍ොහැකිවීමේ හෝ ප්‍රශ්නයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

මෙතෙක් කලක් පැවති ගැටළුව වූයේ නිෂ්පාදන මිලටත් වඩා අඩුවෙන් වී විකිණීමට සිදුවීම බවත්, මෙවර එම ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳී ඇති බවත්, පෞද්ගලික අංශයෙන් වී මිලදී ගැනීම සිදු කරන නිසා ගොවීන් හට වී විකුණා ගැනීම ගැන ප්‍රශ්ණයක් නැති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

රජයේ අවම වී මිල රුපියල් 120/- ලෙස ප්‍රකාශ කිරීමෙන් ඊට වැඩි මිලකට වී මිලදී ගැනීම සිදුවන නිසා ගොවියාට කිසිදු ගැටළුවක් ඇති වී නොමැති බවද, ඉදිරියේදී ගැටළුවක් මතුවනු ඇත්තේ පාරිභෝගිකයාගේ පැත්තෙන් බවද ඔහු සඳහන් කරනවා.

ඉහළ මිලකට වී මිලදී ගැනීමේදී වී මෝල් හිමියන්ගේ පාර්ශ්වයෙන් සහල් මිල වැඩි කිරීමේ නැඹුරුතාවයක් ඇති බවත්, නමුත් ඔවුන් කුමන මිලකට වී මිලදී ගත්තත් සහල් මිල ප්‍රකාශ කර අවසන් බවත්, පාරි‍භෝගික අධිකාරිය ශක්තිමත් කර සහල් මිල සම්බන්ධ තීරණය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

කිසිසේත්ම සහල් මිල ඉහළ නොදමන බවත්, පාලන මිලට වඩා සහල් විකුණන අය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Top Stories
wedivistara

හෙද සේවයට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදන දෙකක් සිකුරාදා නිකුත් කෙරේ

wedivistara

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල පහක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

online ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

හරක් කටා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම ‍කෙරේ

wedivistara

නව සයිබර් ආරක්ෂණ සැලැස්මට කැබිනට් අනුමැතිය

wedivistara

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටුමකින් සිසුන් 04 ක් තුවාල ලබයි

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි


NEWS ALERT