Sports

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල ප්‍රහාරයක්

Wednesday, 13 November 2024 - 6:52 pm

ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර දඹුල්ලේදී අද (13) ආරම්භ වූ පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 49.2ක් තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 324ක් රැස්කිරීමට සමත් විය.

එම අවස්ථාවේදී වර්ෂාව හේතුවෙන් තරගය නැවැත්වීමට විනිසුරුවන් තීරණය කළේය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක, පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසියහ.

නිස්සංක, ලකුණු පුවරුව 17 ලෙස සටහන් වෙද්දී ලකුණු 10කට දැවී ගියේය.

අනතුරුව අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්, අවිශ්ක සමග එක්ව නවසීලන්ත පන්දුයවන්නන්ට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළහ.

ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 206ක් එක්කළහ.

දෙවැනි කඩුල්ල ලෙස අවිශ්ක ලකුණු 100කට දැවීගියේ මුළු ලකුණු සංඛ්‍යාව 223ක් ලෙස සටහන් ව තිබියදී ය.

සදීර සමරවික්‍රම ලකුණු 05යි.

මුළු ලකුණු ගණන 291ක් ව තිබියදී කුසල් මෙන්ඩිස් ලකුණු 143කට දැවී ගියේය. මෙය ඔහුගේ 4 වන එක්දින ජාත්‍යන්තර ශතකය ලෙස වාර්තා විය.

අසලංක ලකුණු 40යි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 49.2කදී කඩුලු 05ක් දැවී ලකුණු 324ක් රැස්කළේය.

එය ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව මෙරට දී එක්දින ජාත්‍යන්තර තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සඳහන් වෙයි.


Top Stories
wedivistara

හෙද සේවයට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදන දෙකක් සිකුරාදා නිකුත් කෙරේ

wedivistara

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල පහක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

online ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

හරක් කටා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම ‍කෙරේ

wedivistara

නව සයිබර් ආරක්ෂණ සැලැස්මට කැබිනට් අනුමැතිය

wedivistara

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටුමකින් සිසුන් 04 ක් තුවාල ලබයි

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි


NEWS ALERT