Sports

අමෙරිකාවේ මැක්ලවුලින් තමන්ගේම ලෝක වාර්තාව බිඳියි

Friday, 09 August 2024 - 12:19 pm

අමෙරිකානු ජාතික 25 හැවිරිදි සිඩ්නි මැක්ලවුලින්-ලෙව්රෝන් ඊයේ (08) පැවති පැරිස් ඔලිම්පික් මීටර් 400 කඩුලු මතින් දිවීමේ අවසන් මහා තරගය තත්පර 50.37කින් අවසන් කර ඇයගේම ලෝක වාර්තාව බිඳ දමා නව ලෝක වාර්තාවක් පිහිවුවා තිබෙනවා. එහිදී අමෙරිකානු ජාතික ඇනා කොක්‍රෙල් තත්පර 51.87ක් වාර්තා කර රිදී පදක්කම දිනාගත් අතර, නෙදර්ලන්ත ජාතික ෆෙම්කේ බෝල් 52.15කින් තෙවැනි ස්ථානය දිනාගෙන තිබෙනවා. ටෝකියෝහි දී බාධක දිවීමේ සහ මීටර් 4x400 සහය දිවීමේ ඉසව්වෙන් පසු මෙය ඇයගේ තෙවැනි ඔලිම්පික් රන් පදක්කමයි. මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ තත්පර 52 සහ තත්පර 51 බාධක දෙකම බිඳ දැමූ පළමු කාන්තාව ඇයවන අතර, මාස 13ක කාලයක් තුළ ලෝක වාර්තාව හතර වතාවක් බිඳ දමා තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, පළමු වරට 2021 ජුනි මාසයේදී ඇය තත්පර 52ක බාධකය තත්පර 51.9කින් බිඳ දමා තිබෙනවා. එම වසරේම ටෝකියෝ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී දෙවන වරටත් ඇය තත්පර 51.46කින් අවසන් කරමින් පෙර රන් පදක්කම්ලාභී ඩෙලිලා මුහම්මද්ව පරාජය කළාය. ඇය 2024 ජූනි මස අමෙරිකානු ඔලිම්පික් පුහුණුවීම්වලදී තත්පර 50.65ක කාලයකින් ඇගේම ලෝක වාර්තාව බිඳ දමා තිබෙනවා. ඉන් අනතුරුවයි ඊයේ පැවති තරගයේදී ඇය නව ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ.


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT