Local

2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් අවසන්

Thursday, 09 January 2025 - 8:15 am

2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් මේ වනවිට නිදහස් කර අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ අනුව නිර්දේශිත වූ ගොවීන්ට හිමි වන්දි මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන ඇති බවයි එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කළේ.

ඒ යටතේ මේ වනවිට ගොවීන් 6,459 දෙනෙකු සඳහා අක්කර 5,246ක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් නිදහස් කර ඇති අතර, වගා හානි නිර්දේශිත වීමෙන් පසු වන්දි මුදල් ගිණුම් ගත නොවූ ගොවීන් වේ නම්, ඒ පිළිබඳව අභියාචනා කිරීමට ඔවුන්ට අවස්ථාව පවතින බවයි සඳහන් වෙන්නේ.

ගෙවා අවසන් නොකළ දිස්ත්‍රික්කවල වන්දි මුදල් කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කෙරෙමින් ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Top Stories
wedivistara

හෙද සේවයට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදන දෙකක් සිකුරාදා නිකුත් කෙරේ

wedivistara

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල පහක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

online ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

හරක් කටා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම ‍කෙරේ

wedivistara

නව සයිබර් ආරක්ෂණ සැලැස්මට කැබිනට් අනුමැතිය

wedivistara

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටුමකින් සිසුන් 04 ක් තුවාල ලබයි

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි


NEWS ALERT