Local

වඩ­ම­රච්චි පට්ටු­කාඩු මුහුදේ කේතු ආකාර අමුතු අට­ල්ලක්

Saturday, 24 February 2024 - 12:19 pm

යාප­නයේ වඩ­ම­රච්චි පට්ටු­කාඩු මුහුදේ කේතු­වක ආකා­ර­ය­කට සක­සන ලද මෙතෙක් හඳු­නා­ගෙන නැති වස්තු­වක් මුහුදේ පා වෙමින් පව­තින බව වඩ­ම­රච්චි ධීව­රයෝ පෙරේදා (22) නාවික හමු­දා­වට හා යාපනේ සහ­කාර ධීවර අධ්‍යක්ෂ කාර්යා­ල­යට දැනුම් දී තිබේ.

මසුන් මැරී­මට ගොස් ආපසු පැමි­ණෙ­මින් සිටි ධීවර පිරි­සක් මේ අද්භූත වස්තුව දැක ඇති අතර, එවැනි වස්තු­වක් ඔවුන් මීට පෙර දැක නැති බව­ද­ප්‍ර­කාශ කොට ඇත.

ගත වූ මාස දෙකක කාලය ඇතු­ළත වඩ­ම­රච්චි මුහුදු ප්‍රදේ­ශ­යට මේ අන්ද­මට පා වී ආ හත්වැනි අද්භූත වස්තුව මෙය වන අතර, නාවික හමු­දාව පළාතේ ධීව­ර­යන්ට උප­දෙස් දී ඇත්තේ මුහුදේ පා වෙන හෝ මුහුදු වෙර­ළට ගොඩ­ග­සන කිසිම වස්තු­වක් ඇල්ලී­මට ඇද­ගෙන ඒමට හෝ පරීක්ෂා කිරී­මට උත්සාහ නොක­රන ලෙසයි. ඒ අනුව වඩ­ම­රච්චි ධීව­රයෝ මේ පිළි­බඳ වග­කිව යුත්තන්ට දැනුම් දී ඔවුන් විසින් ගන්නා ක්‍රියා මාර්ග පිළි­බඳ බලා සිටිති.

 
 
 
 


Top Stories
wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

wedivistara

ගංජා කිලෝ 29ක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

wedivistara

ගව සොරකම් 13ක් සිදුකළ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

wedivistara

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT