Local

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වැඩියෙන්ම බලන්නෙ සජබ කට්ටිය

Friday, 30 August 2024 - 7:05 pm

තමන්ගේ ප්‍රතිපත්ති හැදීම පැත්තකට දාලා අද සමහරු අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අල්ලගෙන කියවනවා. සමහරු ෆොටෝකොපි කරගෙන කියවනවා. මේ දවස්වල අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වැඩියෙන්ම ඩවුන්ලෝඩ් කරන්නේ සජබයේ කට්ටිය යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව කියා සිටියේ කන්තලේදී පෙරේදා (28) පැවැති රැලියකට එක් වෙමිනි.

ජාතික ජන බලවේගයට වැඩපිළිවෙළක් නැහැ. ඒගොල්ලෝ බලයට ආවොත් රට කරන්නේ කෙහොමද කියලා අසමින් සිටි අයගේ දැන් දෙකොණ පූට්ටු වෙලා. කටඋත්තර නැති වෙලා.

සජබයේ අය අගෝස්තු 22 වැනිදා ප්‍රතිපත්ති දාන්න බලාගෙන හිටියේ. ඒත් දැම්මෙ නැහැ. මේ දවස්වල අපේ එක බලාගෙන පිටපත් කිරීම කරනවා. ඒගොල්ලන්ට වැඩපිළිවෙළක් නැහැ. මේ කාටවත් එහෙම එකක් නැහැ. මේ රට ගොඩනඟන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජනතාවට උරුම කර දිය හැකි විද්‍යාත්මක හා දියුණුව ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි.

අපේ ජාතික නිෂ්පාදන සැලැස්මේ බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේදී අපේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික ඉතා වැදගත්. එය යළි ප්‍රතිසංස්කරණය කර, ඔබට ප්‍රතිලාභ ලබාදීමට අපේ පාලනයක් තුළ අප ඉක්මනින්ම පියවර ගන්නවා. අනෙක් අතට ත්‍රිකුණාමල වරාය අපේ රටට විශාල සම්පතක්. ඒකෙ පිහිටීම අතින් ලෝකයේම අති විශේෂ වරායක්. ඒකෙන් අපේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා දායක කරගත හැකි අවස්ථාව අපට නැති කළේ කවුද? ඒ වගේම ඉල්මනයිට් නිධිය මඟින් එකතු කළ අගය මත නව නිෂ්පාදන ක්‍රමවේදයකට සකස් කරලා එම ඛනිජ සම්පතින් විදේශ විනිමය උපයා ගන්න තිබුණු අවස්ථාව අපේ රටට ලබා දෙන්න බැරි කළේ හිටපු පාලකයන් තමයි. අනුර සහෝදරයා ජනාධිපති වූ පසු ජනතාවගේ සහභාගිත්වයත් සමඟ නවීන තාක්ෂණය යොදා එම සම්පත වැඩිදියුණු කර, රටට විදේශ විනිමය උපයා ගන්න අප සැලසුම් කර තිබෙනවා. කන්තලේ ගොවි ජනපද ව්‍යාපාරය වැනි මහ ගොවි ජනපද ව්‍යාපාර වැඩි දියුණු කරලා, අස්වද්දලා මේ ප්‍රදේශයේ ජනතාවට වගේම රටේ ජනතාවටත් ප්‍රතිලාභ අත්පත් කරලා දෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අප සැලසුම් කර තිබෙනවා යැයිද කීවේය.


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT