Local

හෙට්ටි වීදි­යේදී කෝටි එක­හ­මා­රක රන් මුදල් කොල්ල­කති

Saturday, 13 January 2024 - 5:43 am

රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා රත්රන් සහ විදේශීය මුදල් අඩංගු පාර්සලයක් රැගෙන යමින් සිටි පුද්ගලයකු පිටකොටුව හෙට්ටි වීදියේදී ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස්, ඒ පාර්සලය කොල්ලකා පලාගොස් ඇතැයි පිටකොටුව පොලිසිය කියයි. ඒ පාර්සලය තුළ කැරට් 21-22 ප්‍රමාණයේ රත්රන් ග්‍රෑම් 432ක් කැරට් 24 ප්‍රමාණයේ රත්තන් ග්‍රෑම් 92ක් රුපියල් ලක්ෂ 19ක විදේශීය මුදල් තොගයක්ද තිබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පිටකොටුවේ හෙට්ටි වීදියේ රන් ආභරණ වෙළෙඳසලක් හිමි ව්‍යාපාරිකයකුට කාන්තන්කුඩි සහ මඩකලපුව යන ප්‍රදේශවලද රන් භාණ්ඩ අලෙවි සල් දෙකක් තිබෙන අතර, ඒ වෙළෙඳසල්වල සිට උණු කරන ලද රත්රන් කැබලි අලුතින් රන් භාණ්ඩ සැකසීම සඳහා හෙටිටි වීදිය රන් ආභරණ වෙළෙඳසල වෙත සතියට දින දෙකක් පමණ කාන්තන්කුඩි සිට කොළඹ දක්වා රාත්‍රියේ පැමිණෙන දන්නා හඳුනන බස් රථ රියැදුරන් මාර්ගයෙන් එවනු ලබන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එලෙස රත්රන් සහ විදේශීය මුදල් අඩංගු පාර්සලයක් පෙරේදා (11) අලුයම කොළඹට පැමිණෙන පෞද්ගලික බස් රථයකට දී තිබූ අතර, බස් රියැදුරු පාර්සලය ගැනීම සඳහා පැමිණෙන ලෙස අලුයම 5.00ට පමණ දුරකතන ඇමතුමක් දී රන් ආභරණ වෙ‍ෙළඳලේ සේවකයකු දැනුවත් කර තිබූ බව පොලිසිය කියයි. ඒ අනුව එක් සේවකයකු තවත් සේවකයකු අවදි කර, පිටකොටුවේ ගෑස්පහ හන්දියට පිටත් කර, ඔහු එන තෙක් රන් ආභරණ වෙළෙඳසලේ ඉදිරිපස පඩිය මත හිඳගෙන සිට ඇත. බස් රියෙන් පාර්සලය ගත් සේවකයා එය ඉණෙහි සඟවාගෙන රන් ආභරණ වෙළෙඳසල ආසන්නයට පැමිණීමත් සමඟම ඔහුගේ පිටුපසින් පැමිණ තිබූ ත්‍රිරෝදයකින් බැස තිබූ පුද්ගලයකු ඔවුන්ගේ ගෙල ප්‍රදේශයෙන් අල්ලා තමා සීඅයිඩී බව පවසමින් එම සේවකයා ත්‍රිරෝද රියට බලහත්කාරයෙන් නංවාගෙන තිබේ.

ඒ අවස්ථාවේ පඩිපෙළ අසල සිටි සේවකයා එය වැළැක්වීමට උත්සාහ දරා ඇතත් කොල්ලකරු ඔහු වෙත උල් පිහියක් එල්ල කර සේවකයා පැහැරගැනීමෙන් අනතුරුව ත්‍රිරෝද රිය ඉතා වේගයෙන් හෙට්ටි වීදිය ඔස්සේ කොච්චිකඩේ දෙසට ධාවනය කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සේවකයා පැහැරගෙන යන අතරවාරයේ කොල්ලකරු විසින් ඔහුගේ ඉණේ සඟවාගෙන සිටි රත්රන් සහ විදේශ මුදල් අඩංගු පාර්සලය පැහැරගැනීමෙන් අනතුරුව පැහැරගත් සේවකයා කොච්චිකඩේ පල්ලිය අසලින් බස්වා අනතුරුව ත්‍රිරෝද රියෙන් පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති (පො.ප) එච්.කේ. අනුරජිත් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.


Top Stories
wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

wedivistara

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයෙන් පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

wedivistara

ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්

Trending
wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

wedivistara

හිටපු ජනපති මහින්ද සහ ගෝඨාභය නිළි රැජිනට අවසන් ගෞරව දක්වයි

wedivistara

පොල් මිල යළිත් ඉහළට

wedivistara

මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

wedivistara

දුමින්ද බන්ධනාගාර රෝහලට


NEWS ALERT