Local

මොර­ග­හ­හේන දෙම­හල් නිවෙ­සක් තුළ පුරා­ව­ස්තු‍ ­ගැ­නීමට කැණීම් කර­මින් සිටි ව්‍යාපා­රි­ක­යකු සහ පිරිස අත්අ­ඩං­ගු­වට

Saturday, 15 June 2024 - 10:51 pm

මොර­ග­හ­හේන මොරො­ට්ටා­ව­වත්ත දෙම­හල් නිවෙ­සක් තුළ පුරා­ව­ස්තු‍ ­ගැ­නීමේ අර­මු­ණින් කැණීම් කර­මින් සිටි ව්‍යාපා­රි­ක­යකු ඇතුළු පුද්ග­ල­යන් තිදෙ­නකු පෙරේදා (13) රාත්‍රියේ අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය කියයි. පාණ­දුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශ­යට ලද තොර­තු­ර­කට අනුව එම අංශය සහ මොර­ග­හ­හේන පොලි­සිය ඒකා­බ­ද්ධව වැට­ලීම සිදු කර ඇත.

සැක­ක­රු­වන් සමඟ වතුර ඉසීමේ මෝට­ර­යක්, ගල් කැඩීමේ කම්ප්‍රෙ­ශර යන්ත්‍ර 2ක් , උදලු, අල­වංගු, වයර් කෝඩ් හා පූජා භාණ්ඩ ඇතුළු ද්‍රව්‍ය රැසක් පොලිස් භාර­යට ගෙන තිබේ.

53 හැවි­රිදි ව්‍යාපා­රි­කයා සිය නිවෙසේ නාන කාම­රයේ අප ජලය බැහැර කිරීම සඳහා අම­තර වළක් කැපී­මට සුදුසු වේලා­වක් බලා­ගැ­නීම සඳහා කළු­තර ප්‍රදේ­ශයේ ප්‍රසිද්ධ ජ්‍යොති­ෂ­වේ­දි­යකු හමු­වට ගොස් තම හඳ­හන පරීක්ෂා කිරී­මේදී ඔහු පදිංචි භූමියේ තනා තිබෙන නිවෙසේ නාන කාම­රය අසල කාම­ර­යක් පිහිටි ස්ථානයේ ඔහුට ආත්ම ගණ­නක සිට හිමි විය යුතු මැණික් තොග­යක් තිබෙන බවට පෙන්නුම් කරන බව මීට මාස කීප­ය­කට ඉහ­තදී පවසා තිබූ බව ව්‍යාපා­රි­ක­යා­ගෙන් සිදු කළ ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වී යැයි පොලි­සිය කියයි. ඒ මැණික් තොගය හිමි කර­ගැ­නී­මට කට­යුතු කර දිය හැකි බවත්, ඉන් අන­තු­රුව කැණීම් කරන ලෙසත් එම ජ්‍යොති­ෂ­වේ­දියා යැයි කියා ගත් පුද්ග­ලයා ව්‍යාපා­රි­කයා සමඟ පවසා, ඔහු එය එයට කැමැති වීමෙන් අන­තු­රුව තෙල් කුප්පි කීප­යක් සහ කුඩා මුට්ටි කීප­යක් ඔහු වෙත උප­දෙස් සමඟ දී, ඒ වෙනු­වෙන් රුපි­යල් 3000/= ක මුද­ලක්ද ගෙන ඇතැයි පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

ව්‍යාපා­රි­කයා ඒවා නිවෙ­සට ගෙනැ­විත් නාන කාම­ර­යට යාබද කාම­රයේ හතර කොනේ බුලත් කොළ මත කාසි කීප­යක්ද තබා ඒ මත ජ්‍යොති­ෂ­වේ­දියා දුන් තබා මුට්ටි කීපය සහ තෙල් කුප්පි කීපය තබා, තවත් පුද්ග­ල­යන් දෙදෙ­න­කුද සහ­භාගි කර­ගෙන ඉකුත් අප්‍රේල් 20 දින සිට මේ දක්වා අඩි 25කට ආසන්න ප්‍රමා­ණ­යක් දෝනා­වක් ආකා­ර­යෙන් අඩි 8ක් පමණ පළ­ලට දිවා රාත්‍රි කැණීම් කර තිබූ බව පොලි­සිය කියයි.

පොලි­සිය ඊයේ රාත්‍රී නිවෙස වට­ලන අව­ස්ථාව වන විටත් සැක­ක­රු­වන් තිදෙනා එම ස්ථානයේ කැණීම් කර­මින් සිටින අයුරු දක්නට ලැබුණු බවද පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

මාස කීප­යක අත­ද­රු­ව­කුද ඇතු­ළුව එම දෙම­හල් නිවසේ පුද්ග­ල­යන් පස් දෙනකු පදිං­චිව සිටින අතර, කිසිදු ආර­ක්ෂිත ක්‍රම­වේ­ද­යක් උප­යෝගී කර නොගෙන අනා­ර­ක්ෂිත ලෙස මේ කැණීම් කර ඇති බවත්, තවත් දින කීප­යක් මේ අයු­රින් කැණීම් කළේ නම් හා නිවෙස කඩා­වැටී ජීවිත හානි පවා සිදු වීමට ඉඩ තිබූ බවත් පොලි­සිය කියයි.

වයස අවු­රුදු 27 හා 53 පසු වන සැක­ක­රු­වන් මොර­ග­හ­හේන මොරො­ට්ටා­ව­වත්ත, කඹු­රු­පි­ටිය සහ හොරණ පදිං­චි­ක­රු­වෝය. අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් පුරා­වස්තු ආඥා පනත යටතේ හොරණ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

පාණ­දුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි චමිල් රත්නා­යක, සහ­කාර පොලිස් අධි­කාරි නිශාන්ත සේනා­රත්න, පාණ­දුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති (ප්‍ර.පො.ප) චන්න අම­ර­සේ­කර, (පො.ප) එල්.පී. තිල­ක­රත්න, (පො.සැ) 18397 ලාල් නන්දන, (පො.කො) 80100 අම­ර­ජීව මහ­ත්වරු සහ මොර­ග­හ­හේන පොලි­සියේ ස්ථානා­ධි­පති (ප්‍ර.පො.ප) තුසිත වික්‍ර­ම­රත්න, (පො.සැ) 41013 කුල­තුංග, (පො.කො) 31292 ජීවන්ත, (කොට්ඨාස බුද්ධි පො.කො) 91214 වන්නි­නා­යක මහ­ත්වරු පරී­ක්ෂණ පව­ත්වති.

 

 (බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ)

 


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT