Local

ජනපති ගැන කාටුන් ඇතුළත් Press Vs. Prez කෘතිය එළිදැක්වීම හෙට

Wednesday, 06 March 2024 - 8:34 am

රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමේ අසීරු කාර්ය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවිශේෂ භූමිකාව පුවත්පත්වල කාටූන් ශිල්පීන් දුටු ආකාරය එක් කර සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (07) සවස 4.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් මෙම කෘතිය සම්පාදනය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ 2021 ජූනි 23 වැනිදා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් දා සිට එතුමාගේ ජාතික නායකත්වයේ ගමන් මඟ පිළිබඳ 2023 මැයි මාසය දක්වා පුවත්පත්වල පළවූ කාටූන් 600ක් පමණ එක් කර මෙම කෘතිය නිර්මාණය කර ඇත.

කාටූන් ශිල්පීන් 40 දෙනකු සහ ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් විසින් මෙහි නිර්මාණ දායකත්වය දී තිබෙන අතර එම කාටූන් ශිල්පීන් සහ රූපවාහිනිය ඔස්සේ ඒවා ඉදිරිපත් කළ රූපවාහිනී නිවේදකයන් ද මෙහිදී ඇගැයීමට නියමිතය.

කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ඉන්දීය කාටූන් ශිල්පී නාලා පොන්නප්පා සහභාගි වීමට නියමිත අතර ඔහු විසින් විශේෂ දේශනයක් ද සිදු කරනු ඇත.

කෘතියේ විචාර දේශනය මහාචාර්ය රොහාන් නෙත්තසිංහ මහතා විසින් සිදු කරයි.

හිටපු ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මැති ඇමැතිවරු, විදෙස් තානාපතිවරු, මාධ්‍යවේදීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සමීපතමයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා ආරාධනා ලැබ සිටී.


Top Stories
wedivistara

රජයේ හිඟ වියදම් සම්බන්ධයෙන් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් IMF අවධානයට

wedivistara

වන අලි ප්‍රහාරයකට ලක්වී පුද්ගලයෙක් මරුට

wedivistara

මාස 06ක් තුළ රේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

wedivistara

පහේ ශිෂ්‍යත්ව ගුරුවරියගෙන් පහර කෑ තරුණයාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

wedivistara

ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද, මෙරට මහා පරිමාණ මුදල් වංචාවන්ට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

wedivistara

විශ්වවිද්‍යාලවල හිංසන නැවතීමට ක්‍රමවේදයක් සකසන්න

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT