Local

කන්දකාඩුවේ පරිපාලන වෙනසක්

Monday, 15 January 2024 - 9:03 am

රට පුරා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 42,248කගේ ලැයිස්තුවක් අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් අතට පොලිස් මූලස්ථානය විසින් ලබා දී තිබේ. දිවයින පුරා සියලුම පොලිස් ස්ථාන ඊයේ (14) දින සිට යුක්තිය මෙහෙයුමට ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතු බවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රටපුරා සියලුම කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, මු.පො.ප. ස්ථානාධිපතිවරුන් සහ අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට විශේෂ උපදෙස් පංතියක් පවත්වා උපදෙස් ලබා දී ඇත.

මේ යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ඇති විවෘත වරෙන්තු 35505ක්, ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන මෙතෙක් අත්අඩංගුවට නොගත් සැකකරුවන් 4258ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 2022 වර්ෂයේ 807 දෙනෙකු සහ 2023 වර්ෂයේ 1678 දෙනෙකු වශයෙන් සැකකරුවන් 2485ක් දෙනෙකු ලෙස මුළු සැකකරුවන් 42248 දෙනෙකු පිළිබඳ ලැයිස්තුවක් අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් අතට යොමුකර තිබේ.

යුක්තිය මෙහෙයුම යටතේ ඉදිරි මාසයක කාලය තුළ තම පොලිස් වසම් ආවරණය වන පරිදි මෙහෙයුම් සිදුකර ඉහත ලැයිස්තු 3ට අදාළ සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පැය 24 පුරාම සියලුම අපරාධ අංශ නිලධාරීන් යෙදවිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත.

විෂ මත්ද්‍රව්‍ය බෙදාහැරීම, අලෙවි කිරීමට අදාළ ජාලය අත්අඩංගුවට ගැනීමට ඇති යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වීමට අමතරව අපරාධවලට සම්බන්ධ මෙම පිරිස් ඍජුවම ඉලක්ක කර ගනිමින් අපරාධ අංශ මගින් සිදු කරන යුක්තිය මෙහෙයුම මගින් ප්‍රබල බලපෑමක් සිදු වනු ඇතැයි පොලිස් මූලස්ථානය බලාපොරොත්තු වේ.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT