International

චීනයට ලොකේ ලොකුම ඉල්ලම පහළ වෙයි

Tuesday, 03 December 2024 - 8:28 pm

ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී තිබේ.

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර ඇති මෙම විශාල රන් නිධිය ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන බවත් හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කරයි.

එහි ඇති රත්තරන්වල වටිනාකම ආසන්න වශයෙන් යුවාන් කෝටි 60,000 ක් පමණ වන බව (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 8300 ක් පමණ) එම කාර්යාංශය සඳහන් කළේය.

මීට පෙර ලොව විශාලතම රන් නිධිය ලෙස දකුණු අප්‍රිකාවේ ගැඹුරු පතලකින් හමුව ඇති අතර එය මෙට්‍රික් ටොන් 930 ක රන් නිධිය සැලකුණු බව පැවැසේ.

චීනය සතු නවීන ත්‍රිමාන තාක්ෂනය භාවිත කරමින් මෙම රන් නිධිය සොයා ගැනීමට හැකියාව ලැබුණු බවත් එහිදී ඩ්‍රිල් යන්ත්‍රය යොදා ගනිමින් විදිනු ලැබූ සෑම ගලකම පිරිසිඳු රත්තරන් හමුවූ බවත් හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කළේය. එසේම එම රන් නිධිය කිලෝමීටර 3 ක් පමණ පොළොව අභ්‍යන්තරය දිව යන බවද එම කාර්යාංශය පැවැසුවේය.

මෙම රන් නිධිය සොයා ගැනීමට පෙර ලොව විශාලතම රන් නිධිය හමුවූ රටවල් 10 අතර පළමු ස්ථානය දකුණු අප්‍රිකාවටත්, දෙවැනි ස්ථානය ඉන්දුනීසියාවටත්, තෙවැනි ස්ථානය රුසියාවටත් ලැබී තිබිණි.


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT