Local

සැකකරු අත්අඩංගුවට ගත්තාද නැද්ද කියන එක මේ වැඩ වර්ජනයට අදාළ නෑ - GMOA

Wednesday, 12 March 2025 - 6:46 pm

අනුරාධපුරේ රෝහලේ වෛද්‍යවරිය මුහුණදුන් සිදුවීමට විරෝධය පළ කරමින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය හෙට (13) දක්වා ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව තම වැඩවර්ජනය අදාළ සැකකරු අත්අඩංගුවට ගත්තාද නැද්ද යන්නට පමණක් ලඝුවන වැඩ වර්ජනයක් නොව, සමස්ත සිදුවීමට විරෝධය හා අප්‍රසාදය පළ කරමින් ක්‍රියාත්මක කරන්නක් බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

සංකේත වැඩ වර්ජනය හෙට (13) උදෑසන 8.00 ට අවසන්වීමට නියමිත බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අදාළ වර්ජන කාලය තුළ හදිසි ප්‍රතිකාර සේවා කිසි ලෙසකින් අඩාල නොවන පරිදි අඛණ්ඩව සිදුකරන බව ද, ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල්ව‍ල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවද වැඩිදුරටත් සඳහන්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT