Local

එළඹෙන ජනාධිපතිවරණයේ දී බහුතර ජනතාවගේ මනාපය වැටුණු රට ගොඩගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වනවා – ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක

Saturday, 27 July 2024 - 3:18 pm

ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව සූදානම්ව සිටින බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

මෙරට ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීමට නම් ඒ සඳහා සියලු පාර්ශ්ව එක්ව කැපවිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී ආසාර්ථකව තිබූ රට නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. ඒ අනුව යමින් අප අමාත්‍යාංශය ද එතෙක් පැවති පාඩු ලබන තත්ත්වය වලක්වා ගෙන ලාබ ලබන තත්ත්වයට පැමිණ තිබෙනවා.

දරුණු ආර්ථික අර්බුදවලට මුහුණ දුන් ලෝකයේ වෙනත් රටවල් මෙතරම් කෙටි කලක් තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගෙන නැහැ. මෙම ස්ථාවරත්වය රැක ගනිමින් ආර්ථිකය තවදුරටත් වර්ධනය කිරීමට නම් සියළු පාර්ශ්ව ඒ සඳහා කැපවිය යුතුයි.

ඒ වගේම පසුගිය සමයේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම වෙනුවෙන් හඳුන්වා දුන් බදු සංශෝධන සම්බන්ධව ජනතාව තුළ යම් විරෝධයක් තිබුණා. නමුත් එම තීන්දු තීරණවල ප්‍රතිලාභ ජනතාවට ලැබෙන විට එම විරෝධය නැති වනවා. ලෝකයේ වෙනත් රටවල අපේ රටට වඩා බදු ප්‍රතිශතයක් අයකරන බව ද සිහිපත් කළ යුතුයි.

ඉකුත් අර්බුද සමයේ ජනතාව සතුව මුදල් තිබුණත් මිල දී ගැනීම සඳහා භාණ්ඩවල හිඟතාවයක් පැවතුණා. නමුත් මේ වන විට එවැනි තත්ත්වයක් නැහැ. කෙසේ වුවත් මීට වසර දෙකකට පෙර රට තිබූ තත්ත්වය අප කාටත් අමතක නැහැ. එබැවින් එළඹෙන ජනාධිපතිවරණයේ දී අපේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙනවා. ඒ වගේම පක්ෂ පාට බේදයකින් තොරව ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා ජනතාව ද තීන්දු කර තිබෙනවා.

තව ද දේශපාලනඥයන් විවිධ පක්ෂ මත විසුරුණු පමණින් ඡන්ද දායකයින් වෙනස් නොවන බව ද පැවසිය යුතුයි. ඡන්ද දායකයින් එළැඹෙන මැතිවරණයේ දී හැසිරෙන්නේ පුද්ගලයා මත නොව වැඩපිළිවෙළ මත බව ද සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම ඊළඟ මැතිරණයේදී බදුල්ල ප්‍රදේශයේ බහුතර ඡන්දය හිමිවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව අප මේ වන විට හඳුනාගෙන තිබෙනවා. අප රටේ ජනතාව කළගුණ දන්නා, හොඳින් හිතාමතා වැඩ කරන පිරිසක් බව ද සිහිපත් කළ යුතුයි.


Top Stories
wedivistara

හෙද සේවයට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදන දෙකක් සිකුරාදා නිකුත් කෙරේ

wedivistara

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල පහක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

online ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

හරක් කටා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම ‍කෙරේ

wedivistara

නව සයිබර් ආරක්ෂණ සැලැස්මට කැබිනට් අනුමැතිය

wedivistara

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටුමකින් සිසුන් 04 ක් තුවාල ලබයි

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි


NEWS ALERT