Local

ඡන්දයකට වඩා ජනතාව මරණයෙන් බේරා ගැනීමට මුදල් වෙන් කළා

Friday, 08 March 2024 - 8:11 am

රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටි අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වඩා පීඩාවට පත් වී සිටි ජනතාව මරණයෙන් මුදා ගැනීම අත්‍යවශ්‍ය වූ බැවින් රජයට ඒ සඳහා ප්‍රමුඛත්වය දී මුදල් වෙන් කිරීමට සිදු වූ බව අගමැති දිනේෂ් ගුණවර්ධන සිය නීතිඥවරයා මඟින් (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

නියම කර තිබූ පරිදි මාර්තු මස 09 වැනිදා නිසි පරිදි පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා මේ බව සඳහන් කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය කැඳවීය.

ආර්ථික අර්බුදයකට රට ලක්වී තිබෙන අවස්ථාවක 2023 ජනවාරි මාසය වන විට අත්‍යවශ්‍ය වියදම් සඳහා රුපියල් බිලියන 357ක මුදලක් අවශ්‍යව තිබූ බව ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා සඳහන් කළේය. එම මුදල ලබා ගැනීම සඳහා ණය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබූ බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

විශ්‍රාම වැටුප් ගෙවීම, සමෘද්ධි දීමනා ලබා දීම, රජයේ සේවක වැටුප් ගෙවීම රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම වැනි අත්‍යවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් මුදල් වෙන් කිරීම ප්‍රමුඛ කාර්යයක්ව තිබූ බව ඒ මහතා සඳහන් කළේය. එබැවින් එම වියදම්වලට ප්‍රමුඛත්වයක් දීමට රජයට සිදු වූ බව ද ඒ හේතුවෙන් අය-වැය මඟින් පළාත් පාලන මැතිවරණයට වෙන් කර තිබූ මුදල එම වියදම් සඳහා වැය කිරීමට සිදුවූ බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එකී අත්‍යවශ්‍ය වියදම් සඳහා මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කතා කළ අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය එහි සිටි බව ඒ මහතා සඳහන් කළේය. එහෙත් මැතිවරණ සම්බන්ධයෙන් එම අවස්ථාවේදී ඇය කිසිවක් කතා නොකළ බව ද ඒ මහතා සඳහන් කළේය.

එසේම මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් වියදම් සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ඍජුව පාර්ලිමේන්තුවට වගකිවයුතු බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. එවන් පසුබිමක මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පළාත් පාලන මැතිවරණ වියදම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් කිසිඳු ඉල්ලීමක් කර නැති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. ඉහත කරුණු සැලකිල්ලට ගෙන මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා පෙත්සම් පිළිබඳ විභාගය කල් තැබීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.

සැලසුම් කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 9 වැනිදා නොපැවැත්වීමෙන් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණි.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජන බලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ සහ පැෆරල් සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙහි පෙත්සම්කරුවෝ වෙති. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු තිස් පස් දෙනකු නම් කර සිටියි.

පෙත්සම්කාර ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිජල් හැච් මීට පෙර දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය.

 
 
 
 


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT