හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ව්‍යවස්ථා සභා සාමාජිකත්වයෙන් වහාම ක්‍රියාත්මක පරිදි ඉවත් කර තිබේ.
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර කථානායක මහින්දය යාපා අබේවර්ධන මහතාට මේ බව ලිඛිතව දෙනුම් දී තිබේ.
ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස නිමල් සිරිපාලද සිල්වා මහතා ව්‍යවස්ථා සභාව මෙතෙක් නියෝජනය කර අතර නව ජනාධිපති අනුර දිසානායක මහතා විසින් තම නියෝජිත ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පත් කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරී කාලසීමාව තුළ ඊළඟ පාර්ලිමේන්තු රැස්වෙන තෙක් මෙම ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක වෙයි.