Local

කඳුකර දශකයට යෝජනා ගැනීම ඇරඹෙයි

Monday, 29 January 2024 - 9:37 pm

“කඳුකර දශකය” දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන සදහා දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබා ගැනීම ඇරඹෙයි. කඳුකර දශකය වැඩසටහන මෙම වසර තුළ දිස්ත්‍රික්ක 10 ක ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, කලුතර, බදුල්ල හා කුරුණෑගල එම දිස්ත්‍රික්ක වේ.

ඇමතිවරයා පවසන්නේ මෙම දිස්ත්‍රික්ක 10 හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89 ක ග්‍රාම නිළධාරී වසම් 4,498 ක් මේ සදහා හදුනාගෙන ඇති බවයි.

මේ සදහා තෝරාගෙන ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 200 ට වඩා වැඩි උසකින් පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වේ.

මෙම වැඩසටහන සදහා ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාපෘති යෝජනා සකසා ප්‍රාදේශීය ලේකම් කමිටුවල නිර්දේශය සහිතව මෙම මස අවසන් වීමට පෙර දිස්ත්‍රික් කමිටු වෙත ඉදිරිපත් කළ යුතු බවද ඇමතිවරයා සදහන් කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කලේ මාතර දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවේදී කදුකර දශකය සංවර්ධන වැඩසටහන පිළිබඳව නිළධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට පසුගියදා (26) සහභාගි වෙමිනි.

එය පැවැත්වුණේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය.

මාතර දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුව පැවැත්වුනේ එහි සභාපති පාර්ලිමේන්තුමන්ත්‍රී නිපුණ රණවක සහ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලියම් ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපති කාර්යාලය, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන අධීක්ෂණය කරනු ලැබේ.

මෙම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණාදාස කොඩිතුවක්කු, වීරසුමන වීරසිංහ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද, මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි යන මහත්වරුන් සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

 


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT