Local

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

Tuesday, 11 March 2025 - 2:37 pm

මාර්තු 10 වන දින රාත්‍රියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළු වූ අයෙකු එහි සිටි වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිදුවීමක් වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම සිදුවීම අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරංචි මාර්ග ද සනාථ කළේ ය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලීසියේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල වෙත පැවසීය.

අනුරාධපුර රෝහලේ වැඩවර්ජනයක්

අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ සිදුවූ මෙම සිදුවීම හේතුවෙන් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව බීබීසී සිංහල සිදුකළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගාමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේ ය.

අද (මාර්තු 11) දින උදෑසන සිට හදිසි ප්‍රතිකාර හැර අනෙකුත් රාජකාරිවලින් වෛද්‍යවරුන් ඉවත්ව සිටින බව ඔහු පැවසුවේ ය.

'අද අපේ විධායක කමිටුව රැස් කරලා මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගන්නවා,' වෛද්‍යවරුන් දීපව්‍යාප්තව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ දැයි අප විමසූ විට වෛද්‍යවරයා පැවසුවේ ය.

'රෝහල් තුළ ආරක්ෂාව සම්බන්ධ අර්බුදයක් තියෙනවා'

වෛද්‍යවරිය මෙලෙස ලිංගික හිංසනයකට ලක් ව ඇත්තේ, ඇය රාජකාරියේ යෙදී සිටියදී බව වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ය.

'ඩියුටි හිටපු වෛද්‍යවරියක් ක්වාටස් එකේ ඔන්කෝල් රූම් එකේ ඉන්නකොට තමයි මෙහෙම බරපතළ ලිංගික හිංසනයකට ලක් වෙලා තියෙන්නේ. අනුරාධපුර වගේ බොහෝ පුද්ගලයන් ගැවසෙන ප්‍රධාන රෝහලක් ඇතුළේ තමයි මෙහෙම පිහියක් පෙන්වලා වෛද්‍යවරියකට ලිංගික හිංසන කරලා තියෙන්නේ,' ඔහු පැවසුවේ ය.

රෝහල් තුළ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

'රෝහල් තුළ කාලයක පටන් ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මෙවැනි බරපතළ සිදුවීමක් මෑතකදී වාර්තා වුණු පළමු අවස්ථාව මේක වුණත් උතුරු පළාතේ රෝහල්වල වෛද්‍යවරුන්ට විවිධ බාහිර බලපෑම් ඇති වුණා,' ඔහු පවසයි.

'මේ නිසා රෝහල්වල ආරක්ෂාව යම් වගකිවයුතු ක්‍රමයකට සකස් කළ යුතුයි කියලා අපි කාලයක පටන් කියලා තියෙනවා.'

'මෙතෙක් සැකකරු අත්අඩංගුවට අරගත්තා කියලා අපිට දැනගන්න ලැබිලා නෑ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියා සිටිනවා මේ සම්බන්ධයෙන් වහා ම ක්‍රියාත්මක වෙන්න කියලා.'

- බී.බී.සී සිංහල


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT