Local

වෙනස දෙස වෙනස්ව බලන්නැයි දිලිත්ගෙන් ඉල්ලීමක්

Thursday, 05 September 2024 - 10:24 am

රටේ ජනතාව සඳහා නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති එකම කණ්ඩායම තම කණ්ඩායම බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති සියලු පක්ෂ සිය පැරණි ප්‍රතිපත්ති යළි වරක් ජනගත කිරීමට උත්සාහ දරමින් සිටින බවය.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සර්වජන බලයේ ජනධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේය.

'රට ඉල්ලා සිටිනවා අලුත් දෙයක්. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. වෙනස් දෙයක් වෙන කවුරුත් යෝජනා කරලා නෑ. අපේ උපායමාර්ගික වැඩපිළිවෙල තුළ වෙනස් දෙයක් යෝජනා කරලා තියෙනවා. මේ වෙනස් දේ දෙස වෙනස්ව බලන්නයි ලංකාවේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.'

ප්‍රශ්නය - වෙනසක් බලාපොරොත්තුව තමා NPP එක පිටුපස යන්නෙත්. ඔබ ඒ වෙනසට වෙනසක් දෙන්න ලෑස්තිද ?

'මම අහන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන වෙනස මොකද්ද ? දැන් ඔය ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැත්නම් කොහේ ද ඔය වෙනස තියෙන්නේ ? අනුර කුමාරගේ කතාවේ නැත්නම් කොහේ ද ඔය වෙනස තියෙන්නේ. අර වේදිකාවේ කෑගහන්නේ පරණ විදියටම වෛරය වපුරවමින් නම්, ඔවුන් කිසිම උපාය මාර්ගයක් යෝජනා කරන්නෙත් නැත්නම්, ඔහු විටින් විට කියලා තියෙන විදියටම වැල් පාලමේ ඉතුරු ටික යන්න ඕනේ කියනවා නම්. ඔවුන් සමග සිටින ලාල්කාන්ත, හරිනි, විජිත හේරත්, හඳුන්නනෙත්ති සියලුදෙනාම කතා කරන්නේ පරණ වැඩේම වෙනත් විදියට ඊටත් වැඩිය ද්වේෂයක් එක්ක කරන්න නම් කොහොම ද මිනිස්සු විශ්වාසය තියන්නේ.'


Top Stories
wedivistara

රාගම බටුවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

තෝරු, මෝරු, නිල් තල්මස්සු වගේ අය තමා අපි අත්අඩංගුවට ගන්නේ - බිමල් රත්නායක

wedivistara

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT