Local

අරගලයේ නිරත වූ 13 දෙනෙකු අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරයි

Wednesday, 06 March 2024 - 3:50 pm

2022 වසරේ මහජන අරගලය අතරතු​ර පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතව සිට අත්අඩංගුවට පත්ව, පසු​ව ඇපමත නිදහස්ව සිටි පිරිසක් නිදොස්කොට නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එම සමයේ දී රටෙහි පැවැති තත්ත්වයන් සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීම සඳහා සංදේශයක් බාරදීමට යමින් සිටි සමාජ ක්‍රියාකාරීන් 13 දෙනෙකු මෙලෙස තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව මහරගම පොලීසියේ රඳවා තබාගනිමින් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.

එම අවස්ථාවේදී මෙම සැකකරුවන් 13 වෙනුවෙන් නීතිඥවරුන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි අතර සංවිධානාත්මකව අයුතු ජනරාශිය ඇති කිරීම, අයුතු ජන රාශියක සාමාජිකයන් වීම, පොලීසියට සහ මහජනතාවට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මෙම සැකකරුවන් වෙත එල්ල වී තිබුනා.

වසර දෙකක් පුරාවට මේ සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩුව විභාග වූ අතර, එහි අවසන්  තීන්දුව ලබාදෙමින් මෙම සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා


Top Stories
wedivistara

රජයේ හිඟ වියදම් සම්බන්ධයෙන් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් IMF අවධානයට

wedivistara

වන අලි ප්‍රහාරයකට ලක්වී පුද්ගලයෙක් මරුට

wedivistara

මාස 06ක් තුළ රේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

wedivistara

පහේ ශිෂ්‍යත්ව ගුරුවරියගෙන් පහර කෑ තරුණයාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

wedivistara

ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද, මෙරට මහා පරිමාණ මුදල් වංචාවන්ට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

wedivistara

විශ්වවිද්‍යාලවල හිංසන නැවතීමට ක්‍රමවේදයක් සකසන්න

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT