Local

පොලිස් භාරයට ගනු ලබන ගිනි අවි හා අත්බෝම්බ සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල වැඩි කරයි

Saturday, 08 March 2025 - 8:30 pm

මෑත කාලීනව වාර්තා වූ අපරාධ සම්බන්ධව සලකා බැලීමේදී දිවයින තුල නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ තවදුරටත් සංසරණය වන බව නිරීක්ෂණය වන බැවින්, අපරාධ මැඩ පවත්වා, මහජනතාවට අපරාධ බියකින් තොරව ජීවත්විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම සඳහා පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව එහි පියවරක් ලෙස නීති විරෝධී ගිනි අවි හා අත්බෝම්බ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් පවතින අතර, ඒ සඳහා සියළු පොලිස් නිලධාරින් හා පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමට පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවනු ලබන ත්‍යාග මුදල ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මෙසේ ගිනි අවි හා අත්බෝම්බ සම්බන්ධ තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බවත්, මේ සම්බන්ධව තොරතුරු වෙතොත් පොලිසිය දැනුවත් කරන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.  

 

news images news images
 
 


Top Stories
wedivistara

රජයේ හිඟ වියදම් සම්බන්ධයෙන් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් IMF අවධානයට

wedivistara

වන අලි ප්‍රහාරයකට ලක්වී පුද්ගලයෙක් මරුට

wedivistara

මාස 06ක් තුළ රේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

wedivistara

පහේ ශිෂ්‍යත්ව ගුරුවරියගෙන් පහර කෑ තරුණයාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

wedivistara

ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද, මෙරට මහා පරිමාණ මුදල් වංචාවන්ට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

wedivistara

විශ්වවිද්‍යාලවල හිංසන නැවතීමට ක්‍රමවේදයක් සකසන්න

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT