Sports

තිසරගෙන් පිට පිට හයේ පහර 6 ක් සමග හයේ පහර 13 ක් – ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Sunday, 16 March 2025 - 7:34 am

Asian Legends League ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගයේදී ඇෆ්ඝනිස්තාන් පතාන්ස් පිලට එරෙහිව විශිෂ්ඨ පිතිහරඹයක නිරත වීමට ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු තිසර පෙරේරා අද(15) සමත් වුණා.

කණ්ඩායමේ නායකයා ද වන ඔහු පන්දු 36 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 108 ක්. හයේ පහර 13 ක් ඔහුගේ මෙම ඉනිමට ඇතුළත් වීම කැපී පෙනුණා. හතරේ පහර දෙකක් ද ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ලයන්ස් ඉනිමේ අවසන් පන්දුවාරයේදී Ayaan Khan ට එරෙහිව තිසර පෙරේරා හයේ පහරවල් හයක් එල්ල කිරීම ද කැපී පෙනුණා. එම පන්දුවාරයේදී වයිඩ් ලකුණු 3ක් ද හිමි වූ අතර, ඒ අනුව ලකුණු 39 ක් හිමි වූ පන්දුවාරයක් ලෙසයි අවසන් පන්දුවාරය නිමාව දුටුවේ.

ඉන්දියාවේ Udaipur හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකන් ලයන්ස් පිල කඩුලු 3 ක් දැවී ලකුණු 230 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළ අතර, තිසරට අමතරව මෙවන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 81 ක් ද රැස් කිරීමට සමත් වුණා. පන්දු 56 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් ඇතුළත්.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන් පතාන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී රැස් කළේ ලකුණු 204 ක් පමණයි.

නායක අස්ගර් ඇෆ්ඝන් පන්දු 31 කින් ලකුණු 70 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 8 ක් ද සමගින්.

පන්දු යැවීමේදී මාලින්ද පුෂ්පකුමාර හා උපුල් ඉන්ද්‍රසිරි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන Qualifier 2 තරගය එළඹෙන 17 වැනිදා පැවැත්වීමට නියමිතයි.


Top Stories
wedivistara

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මහජනතාව වෙනුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට සනීපාරක්ෂක පහසුකම්

wedivistara

රම්බොඩදී වෑන් රථයක් ප්‍රපාතයක​ට පෙරළී 11 ක් රෝහලට

wedivistara

හයේශිකා ඇතුළු පිරිසට ඇප

wedivistara

අපේක්ෂිත ඇපයක් ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේගෙන් පෙත්සමක්

wedivistara

කොත්මලේ බස් අනතුරින් මියගිය අයට ජනාධිපති අරමුදලෙන් ලබාදෙන මුදල්, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කෙරේ

wedivistara

බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

නව පාප් වහන්සේ ලෙස Robert Prevost තේරී පත්වෙයි

wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය ඇරඹෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි


NEWS ALERT