Local

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

Friday, 09 May 2025 - 1:21 pm

මෙරට ප්‍රමුඛතම සූර්ය බලශක්ති සැපයුම්කරු වන Hayleys Solar විසින් ගෝලීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන BYD සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපළ වෙත අති නවීන බලශක්ති ගබඩා සහ ඉන්වර්ටර් විසඳුම් පසුගියදා හඳුන්වා දෙන ලදි. මේ ඔස්සේ රටේ බලශක්ති ආරක්ෂාව සහ ස්වාධීනත්වය පිළිබඳ සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කෙරේ. BYD හි දියුණු බලශක්ති තාක්ෂණය ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම කෙරෙහි BYD Energy Systems සමඟ ගොඩනඟා ගත් මෙම සහයෝගීතාවය බෙහෙවින් ඉවහල් වේ. මෙම උසස් තාක්ෂණික විසඳුම් LV 5.0, LV 5.0 Plus, Battery-Box Premium HVS, Battery-Max LiteIn සහ Solar Hybrid Inverters ආදී විසඳුම් රැසකින් සමන්විතය. මෙම පද්ධති සතු කාර්යක්ෂමතාවයෙන් ඉහළ, ප්‍රමාණය වැඩි කළ හැකි , වටිනා විසඳුම් සමඟින් ගෘහස්ථ මට්ටමේ මෙන්ම ව්‍යාපාර කටයුතු සඳහා ද ප්‍රශස්ත බලශක්ති භාවිතයක් සඳහා අවස්ථාව උදා කර දෙයි.

හඳුන්වා දෙන ලද නව නිෂ්පාදන පෙළට ඇතුළත් වන විසඳුම් පහත දැක්වේ.

• LV 5.0 – ගෘහස්ථ භාවිතය සඳහා වඩාත් සුදුසු මෙය ප්‍රමාණයෙන් කුඩා සහ භාවිතයට පහසු අඩු වෝල්ටීයතා බැටරි පද්ධතියකින් සමන්විත අතර ඉහළ කාර්යක්ෂමතාවයක් සහ ආරක්ෂාවක් සහිත වේ.

• LV 5.0 Plus – ඉහළ විසර්ජන අනුපාතයක් සහ ශක්තිමත් තාප කාර්ය සාධනයක් සහිතව වැඩිදියුණු කර ඇති මෙය ඉහළ ඉල්ලුමක් ඇති දෙමුහුන් බලශක්ති පද්ධති සඳහා වඩාත් යෝග්‍ය වේ.

• Battery-Box Premium HVS – සවිමත් LFP බැටරියකින් සමන්විත මෙය, 38.4 kWh දක්වා විශාලනය කළ හැකි ධාරිතාවක් සහ උසස් ගණයේ ගෘහස්ථ සහ වාණිජ යෙදුම් සඳහා අධි වෝල්ටීයතාවක් සහිත ප්‍රමාණය වැඩි කළ හැකි ගබඩා විසඳුමකි.

• Battery-Max LiteIn – මෙය උපරිම කාර්යක්ෂමතාවයක් සහ නම්‍යශීලීභාවයක් සඳහාම නිර්මාණය කරන ලද අධි වෝල්ටීයතා වාණිජ බැටරි විසඳුමකි. 30kWh සිට 2.64MWh දක්වා ප්‍රමාණය වැඩි කළ හැකි ධාරිතාවක් සහිත එය 1C වේගවත් ආරෝපණය සහ විසර්ජන සඳහා ඉවහල් වන අතර බැටරිය 100%ක්ම භාවිතය (DoD) සඳහා සහාය දක්වයි. එමනිසාම මෙය කාර්මික සහ වාණිජ බලශක්ති ගබඩා අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු වේ.

• Solar Hybrid Inverter – ස්මාර්ට් බර පාලනය සහ දුරස්ථ අධීක්ෂණ හැකියාවන් සමඟ grid-tied සහ off-grid දෙමුහුන් භාවිතයට සහාය ලබාදෙන බලශක්ති පද්ධති එකට එක්කොට තබන Intelligent hub එකකින් මෙය සමන්විත වේ.

ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින බලශක්ති ඉල්ලුම මෙන්ම විකල්ප බලශක්තීන්, බලශක්ති ආරක්ෂාව සහ දිගුකාලීන තිරසරභාවය පිළිබඳ අවශ්‍යතාවය ඉහළ යමින් පවතින තීරණාත්මක අවස්ථාවක් මධ්‍යයේ මෙම හඳුන්වාදීම සිදුකිරීමද විශේෂත්වයකි. අන්තර්ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමක් ලද BYD හි තාක්‍ෂණය පිරිසිදු මෙන්ම වඩාත් බුද්ධිමත් බලශක්ති යටිතල පහසුකම් සැලසීම කෙරෙහි ප්‍රබල දායකත්වයක් සපයනු ඇත.


Top Stories
wedivistara

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් දින 03 ක් වැසෙයි

wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT