Local

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

Saturday, 05 July 2025 - 6:59 pm

බස් රථවල ආසන පටි පැළඳීම පිළිබඳව ඇතැම් මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීම කර ඇත.

නිවේදනයක් නිකුත්කරමින් පොලීසිය ඒ බව සඳහන් කර තිබේ.

එහි දැක්වෙන්නේ, පොදු ප්‍රවාහන සේවා බස් රථ ඇතුළු රථවාහන ධාවනයේදී ආසන පටි පැළඳීම නව නීතියක් පැනවීමක් බවට හා දීර්ඝ කාලයක් අඛණ්ඩව ආසන පටි පැළඳ රිය ධාවනයේදී ශාරීරික අපහසුතා ඇතිවන බවට හුවා දක්වමින්, ඇතැම් මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබා දෙමින් මේ සම්බන්ධව විවිධ කරුණු ඉදිරිපත් කරන බවට නිරීක්ෂණය වන බවයි.

මෙය නව නීතියක් වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර 2011 අගෝස්තු 09 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 1718/12 දරන ගැසට් පත්‍රය මඟින් රථවාහන ධාවනයේදී රියදුරෙකු විසින් ආසන පටිය පැළඳීම අනිවාර්ය බවට සඳහන් කර ඇති බව පොලීසිය පවසයි.

එසේම 1981 අංක 21 දරණ මෝටර් වාහන සංශෝධිත පනතේ 169 වන වගන්තිය ප්‍රකාරව අඛණ්ඩව රිය ධාවනය කිරීමේදී රියදුරෙකු සෑම පැය 04 යි විනාඩි 30 කට වරක්ම විනාඩි 30 ක කාලයක් විවේක ලබා ගත යුතු බවට සඳහන් කර ඇත.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT