Local

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

Saturday, 05 July 2025 - 7:03 pm

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු පැය 24 පුරා අඛණ්ඩව සිදු කරමින් සිය නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මඟපෙන්වීම මත මේ වනවිට සාර්ථකව සිදු කෙරේ.

ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදු කරමින් එම නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීම් සිදුවන ආකාරය සහ ඉදිරි නිෂ්පාදන කටයුතු සිදු කිරිම පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (04) කඳාන පිහිටි ත්‍රීපෝෂ සමාගමේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.

එම නිරීක්ෂණයේ දී ත්‍රීපෝෂ නිෂ්පාදන කටයුතු සහ ත්‍රිපෝෂ නිෂ්පාදන දිවයින පුරා බෙහාහැරීමේ කටයූතු ද නිරීක්ෂණය කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ත්‍රිපෝෂ සමාගමේ ඉදිරි සැලසුම් සහ නිෂ්පාදන අඛණ්ඩව සිදු කිරීම සදහා ගනු ලබන තීන්දු තීරණ පිළිබඳවත්, නව නිෂ්පාදන මෙන් ම අලෙවිකරණ සහ ප්‍රචාරණ කටයුතු පිළිබඳවත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය අඛණ්ඩව ලබාගැනිම ඇතුළු මූල්‍ය, ප්‍රවාහන සහ මානව සම්පත් ගැටළු පිළිබඳව ආයතන ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක ද නිරත වන ලදි. මෙහි දී දුම්රිය මාර්ගයෙන් බදුල්ල, නුවරඑළිය, මාතලේ සහ ලොරි රථ මගින් කෑගල්ල, කළුතර, කිලිනොච්චිය, කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සදහා ත්‍රිපෝෂ බෙදාහැරීම් කටයුතු අමාත්‍යවරයා සිය නිරීක්ෂණයට කරන ලදි.

සමාගමේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය බඩ ඉරිඟු සපයා ගැනීම සඳහා ඍජු සහ විනිවිද භාවයෙන් යුතුව තීරණ ගෙන සැපයුම් යථාවත් කර ඇති බවත්, සමාගමේ යන්ත්‍ර සූත්‍ර පූර්ණ ධාරිතාවයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිවිතරයන්ට අනුව අදාළ ප්‍රතිලාභීන්ට වෙත දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු ද කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව මෙහි දී ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් හි නව සභපති අමල් අත්තනායක මහතා ඇතුළු නිලධාරීන් අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.

යන්ත්‍ර සූත්‍ර උපරිමයෙන් ක්‍රියාත්මක වීම මත අතිරික්ත නිෂ්පාදන ද දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කර ඇති බවත්, සුපෝෂ මූලික අමුද්‍රව්‍ය ලෙස ලෙස භාවිත කරමින් නිපදවන සුපෝෂ කැලරි බාර් නිෂ්පාදනය අමුද්‍රව්‍යක් ලෙස යොදා විවිධ රසයෙන් යුතු කප්කේක් නිපදවීමට ද කටයුතු යොදා ඇති බව ද සමාගම මෙහි දී පෙන්වා දෙන ලද අතර, ජා-ඇළ කපුවත්ත සුපෝෂ අලෙවි සැලෙහි එම නිෂ්පාදනය දැනටමත් අලෙවි කිරීමට කටයුතු කර ඇති බව ද ඉදිරියේ දී රට පුරා සුපෝෂ අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමටද සැලසුම් කර තිබෙන බව ද අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ත්‍රීපෝෂ සමාගම වැහෙන්න යන සහ ඈවර කිරීමට යන සමාගමක් ලෙස මෑත කාලයේ මාධ්‍ය තුළ, දේශපාලන වේදිකාව තුළ සහ ජනතාව අතර සාකච්ඡාවට ගැනුණ බවත්, විරුද්ධවාදීන් ඒ පිළිබඳ විශාල ප්‍රචාරයක් ගෙන ගිය බව ද පැවසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා රජය පසුගිය මාස 09 ක කාලය තුළ විවිධ පියවර අනුගමනය කරමින් ත්‍රිපෝෂ සමාගම ස්ථාවර කිරීමට කටයුතු කර ඇති බව ද පැවසී ය.

මේ වනවිට නිවැරදි දේශපාලන නායකත්වයක්, කළමණාකාරීත්වයක් යටතේ 230 පමණ වන සේවක සහභාගීත්වයෙන් ත්‍රීපෝෂ සමාගම ශක්තිමත්ව ඇති බවත්, බදු පසු ලාබය ලෙස රුපියල් මිලියන 300 කට වැඩි ප්‍රමාණයක් භාණ්ඩාගාරයට ගෙවීමට සමත් ආයතනයක් බවට ආයතනය ශක්තිමත්ව ඇති බවත්, නව්‍යකරණයට ලක් කරමින් නව නිෂ්පාදන රැසක් හඳුන්වා දෙමින් වෙළෙදපොළ තුළ රාජ්‍ය සමාගමක් තුළ ලාබ ලබන තත්ත්වයට පත්කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී පැවැසී ය.

පසුගිය කාලයේ බඩඉරිගු ප්‍රශ්නයක් ඇති වූ බවත්, එම ගැටළු නිරාකරණය කෙරෙමින් පවතින බවත්, මෙරට මාස 06 අවුරුදු 03 ඇතුළත දරුවන්ට, කිරිදෙන මව්වරුන් සහ ගැබිණි මාතාවන් ඉලක්ක කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ලොරි රථ මගින් ත්‍රිපෝෂ බෙ‌දාහැරීමේ කටයුතු දිවයින පුරා සිදු කෙරෙන බව ද පැවසී ය. දිස්ත්‍රික්ක 04 කට සහල් උපයෝගී කරගෙන මාස 06 අවුරුදු 03 ඇතුළත දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීමේ කටයුතු සිදු කෙරෙන බවත්, මේ වසර අවසන් වන විට මාස 06 අවුරුදු 03 ඇතුළත සියලු දරුවන්ට ත්‍රීපෝෂ ලබාදීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයාගේ සහ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මනා කළමනාකරණයක් තුළින් පැන නගින ගැටළු සඳහා විසඳුම් ලබාදෙමින් මෙම මස සිට අඛණ්ඩව ත්‍රීපෝෂලාභින්ට ත්‍රිපෝෂ ලබාදීමට හැකියාව ලැබෙන බව ද මෙහි දී සභාපති අමල් අත්තනායක මහතා අදහස් දක්වමින් පැවසී ය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මෙහෙයුම්) චම්පික සල්ගාදු, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මානව සම්පත් හා නීති) තනුජා අල්විස්, කළමනාකරු (නිශ්පාදන) පී.කේ දසනායක, කළමනාකරු (තත්ත්ව පාලන) නෙලුම් මෙන්ඩිස්, කළමනකරු (තත්ත්ව පාලන) අජිත් දිසානායක, කළමනකරු (අලෙවි) නිශ්ශංක වලාකුළුආරච්චි, කළමනාකරු (මුල්‍ය) තරිදු චාමික යන මහත්වරුන් මෙන්ම ත්‍රීපෝෂ සමාගමේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 
 
 
 


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT