Local

ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් මිල නඟී

Saturday, 13 January 2024 - 5:40 am

රතු මුහුදේදී හවුති කැරලිකරුවන් සහ අමෙරිකානු යුද නෞකා අතර ඇවිළෙන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක්ව යේමනය කේන්ද්‍ර කරගත් හවුති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත මිසයිල ප්‍රහාරයක් පෙරේදා රාත්‍රියේ ආරම්භ කිරීමෙන් පසු මේ තත්ත්වය උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය මාස කිහිපයක සිට රතු මුහුදේ යාත්‍රා කරන වෙළෙඳ නැව් සහ යුද නෞකා ඉලක්ක කරමින් හවුති කැරැලිකරුවන් අඛණ්ඩව ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ අතර, ආසියාව සහ අප්‍රිකාව පිහිටි කාර්යබහුල ජාත්‍යන්තර මුහුදු වෙළෙඳ ගමන් මාර්ගය ලෙස සැලකෙන රතු මුහුදේ සටන් ආරම්භ වීමත් සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් අර්බුදයක් හට ගැනීමේ අවදානමක්ද මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊයේ දිනයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80.55 දක්වා 4%කින් ඉහළ ගොස් ඇති අතර, අමෙරිකාවේ ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.73 දක්වා 2.71% කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

බොරතෙල් සැපයුම් නෞකා සඳහා වැදගත්ම මුහුදු මාර්ගය වන රතු මුහුදේ දිනකට තෙල් බැරල් මිලියන 20කට වඩා ප්‍රවාහනය කරන අතර, එය ගෝලීය තෙල් පරිභෝජනයෙන් පහෙන් එකකි. මැදපෙරදිග ඊශ්‍රායල -හමාස් යුද ගැටුම් සහ රතු මුහුදේ වාණිජ නැව් ගමනාගමනයට හවුති කැරැලිකරුවන්ගෙන් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් බොරතෙල් නැව්ගත කිරීමටද බාධා වීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යනු ඇතැයි පසුගියදා අනාවැකි පළ වී තිබිණි.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT