හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීරගේ නම ගැසට් කර තිබෙනවා.
ඒ අනුව ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් මෙම නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාර ගැනීම සඳහා ඔහු ඉල්ලා අස් වුණා.