Local

ජොන්ස්ටන්ට එරෙහි නඩුව අගෝ: 4දා

Friday, 30 May 2025 - 8:30 pm

අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සහ සමුපකාර ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට යෙදවීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පැවරූ නඩුව ලබන අගෝස්තු 4දා විභාග කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (29) දින නියම කළේය.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් සතොස මූල්‍ය ප්‍රධානී සාක්ෂි දුන්නේය.

සතොස හිටපු අධ්‍යක්ෂවරයා ප්‍රශ්නගත සේවකයන්ට වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කළ බව සාක්ෂිකාරිය කියා සිටියාය. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2010 – 2015 දක්වා කාලය තුළදී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මඟින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතුවල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය යන වරදට නඩු පවරා ඇත.

සතොස හිටපු සභාපතිවරයෙක් වන එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් නඩුවේ සෙසු විත්තිකරුවන් වේ.


Top Stories
wedivistara

රජයේ හිඟ වියදම් සම්බන්ධයෙන් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් IMF අවධානයට

wedivistara

වන අලි ප්‍රහාරයකට ලක්වී පුද්ගලයෙක් මරුට

wedivistara

මාස 06ක් තුළ රේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

wedivistara

පහේ ශිෂ්‍යත්ව ගුරුවරියගෙන් පහර කෑ තරුණයාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

wedivistara

ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද, මෙරට මහා පරිමාණ මුදල් වංචාවන්ට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

wedivistara

විශ්වවිද්‍යාලවල හිංසන නැවතීමට ක්‍රමවේදයක් සකසන්න

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT