Business

ශ්‍රීලංකන් – flydubai එක්වෙයි

Monday, 09 September 2024 - 6:22 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය 'ෆ්ලයිඩුබායි (flydubai)’ ගුවන් සේවය සමග එක් ව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන් ඔබ්බට ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. 2024 සැප්තැම්බර් 09 සිට ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය (interline agreement) යටතේ  ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන් ඔබ්බට ගමන් කරන ගුවන් මගීන්ට තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් ගුවන් සේවාවන් දෙකම භාවිතා කරමින් තමන්ට අවශ්‍ය ගමනාන්තය කරා ගමන් කිරීමට හැකි වේ.

ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ ගමන් කරන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් ඩුබායි ගුවන් තොටුපල හරහා අප්‍රිකාව, මධ්‍යම ආසියාව, මධ්‍යම සහ අග්නිදිග යුරෝපය මෙන්ම මැදපෙරදිග වැනි ෆ්ලයිඩුබායි (flydubai) ගුවන් සේවය විසින් ක්‍රියාත්මක ගමනාන්ත 30කට අධික සංඛ්‍යාවකට බාධාවකින් තොරව ගමන් කළ හැකි වේ. මෙයට බුකාරෙස්ට් (Bucharest), ඉස්තාන්බුල් (Istanbul), ක්‍රකොව් (Krakow), මොම්බාසා (Mombasa), නේපාලය (Naples) , සොෆියා (Sofia) , ටෂ්කන්ට් (Tashkent) සහ සැන්සිබාර් (Zanzibar) වැනි සුවිශේෂී ගමනාන්ත ඇතුළත් වේ.

එමෙන්ම ෆ්ලයිඩුබායි (flydubai) ගුවන් සේවයේ තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් මෙල්බර්න් (Melbou e), සෝල් (Seoul), සිංගප්පූරුව (Singapore) සහ ටෝකියෝ (Tokyo) ඇතුළු දකුණු සහ නැගෙනහිර ආසියාව, මැදපෙරදිග සහ ඕස්ට්‍රේලියාව පුරා විහිදෙන ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ක්‍රියාත්මක ගමනාන්ත 16 ක් වෙත යෑමට  ෆ්ලයිඩුබායි (flydubai) ගුවන් සේවයේ මගීන්ට ද හැකියාව ලැබේ.

“ෆ්ලයිඩුබායි (flydubai) ගුවන් සේවය සමග ඇති කරගත් මෙම නව හවුල්කාරීත්වයත් සමඟ අපගේ මගීන්ට බාධාවකින් තොරව නව ගමනාන්ත වෙත ගමන් කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙමු. මෙම හවුල්කාරීත්වය අපගේ මෙහෙයුම් ජාලය සහ ගෝලීය ප්‍රවේශය පුළුල් කිරීමට මෙන්ම අපගේ උපාය මාර්ග ශක්තිමත් කරනවා.  අපි ෆ්ලයිඩුබායි (flydubai)  ගුවන් සේවය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් ගුණාත්මක සේවාවක් මඟින් ගුවන් මගීන් සඳහා සැබෑ ශ්‍රීලාංකික ආගන්තුක සත්කාර අත්දැකීම් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් (Richard Nuttall) මහතා පැවසී ය.

මෙම නව මෙම හවුල්කාරීත්වය (interline agreement) සම්බන්ධයෙන් ෆ්ලයිඩුබායි (flydubai) ගුවන් සේවයේ හි ප්‍රධාන විධායක නිලධාරී ගයිත් අල් ගයිත් (Ghaith Al Ghaith) මහතා මෙසේ අදහස් දැක්වී ය. “එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සහ සංචාරක සබඳතා තවදුරටත් ශක්තිමත් කරන ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ ඇතිකර ගත් මෙම නව හවුල්කාරීත්වය (interline agreement) පිළිබඳව අපි සතුටට පත්වෙනවා. ෆ්ලයිඩුබායි (flydubai) ගුවන් සේවය විසින් 2010 දී ශ්‍රී ලංකාවට මෙහෙයුම් ආරම්භ කළ දා සිට අපගේ රටවල් දෙක අතර සංචාර සඳහා ලොකු ඉල්ලුමක් අප දැක්කා. මෙම නව හවුල්කාරීත්වය (interline agreement) තුලින් අපගේ මගීන්ට ලොවපුරා සංචාරය කිරීමට තවත් බොහෝ විකල්ප අවස්ථා ලැබෙනවා.”

නව හවුල්කාරීත්වය (interline agreement) අනුව මගීන්ට තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් ගමනාන්ත රැසක් වෙත ගමන් කිරීමට හැකි වීම සහ මේ යටතේ මගීන් check-in වීම සහ ගමන් මලු භාරදීම සිදුකළ යුත්තේ තමන් පිටත් වන ගුවන් තොටුපළේදී පමණක් වන නිසා මගීන්ට ඉතා  පහසු වේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ ෆ්ලයිඩුබායි (flydubai) අතර ඇතිකරගත් හවුල්කාරීත්වය (interline agreement) යටතේ ක්‍රියාත්මක ගුවන් ගමන් පිළිබඳ තොරතුරු දැන් අදාළ ගුවන් සේවා වෙබ් අඩවි වන www.srilankan.com සහ www.flydubai.com හරහා මෙන්ම සංචාරක නියෝජිතයින් සහ මාර්ගගත සංචාරක නියෝජිතායතන හරහා ලබා ගත හැකිය.


Top Stories
wedivistara

පිල්ලෙයාන්ගේ ළඟම ඉන්න ‘ඉනියා භාරතී’ අත්අඩංගුවට

wedivistara

හෘදයාබාධයක් වැළදී සිටියදීත් මගීන් 62 කුගේ ජිවිත ආරක්ෂා කළ ලංගම රියැදුරා

wedivistara

වාකරේ වැවක ගිලී දරුවන් තිදෙනෙකු මරුට

wedivistara

ඩෙංගු මර්ධන සතියේ 06 වන දිනය අදයි

wedivistara

පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින්

wedivistara

හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ.පුෂ්පකුමාර් අත්අඩංගුවට

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි


NEWS ALERT