Local

ජූලි 09 දිවයිනේ සියලු‍ පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක්

Wednesday, 25 June 2025 - 7:20 pm

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින්, දිවයිනේ සියලු‍ පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක් ලබන මස 09 වැනිදා දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සහ Clean Sri Lanka ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන 'Clean Sri Lanka දිනය' ලෙස නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගෙන ඒවා ඉවත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් එදින සිදු කෙරෙන බවත්, මීට සමගාමීව මෙරට පාසල් 10,096 ආවරණය වන පරිදි චිත්‍ර හා පෝස්ටර් ප්‍රදර්ශන, දැනුවත් කිරීමේ දේශන ඇතුළු ක්‍රියාකාරකම්ද සිදු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.news images


Top Stories
wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

wedivistara

සංශෝධිත බස් ගාස්තු අද දිනයේ ප්‍රකාශයට පත් කෙරේ

wedivistara

දුම්රිය තාක්ෂණ ශිල්පීන් සංකේත වර්ජනයක

wedivistara

පොළොන්නරුවේ CTB - ප්‍රයිවට් බස් ගැටුමට එරෙහිව බස් වර්ජනයක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ජූලි 01 සිට බස් ගාස්තුව 2.5%කින් අඩු වේවි - ගැමුණු විජේරත්න

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි


NEWS ALERT