Entertainment

ගල්ගමුවේ අලි 200කට ආරක්ෂිතව රේල්පාර හරහා යන්න වනජීවී උමං මාර්ගයක්

Friday, 23 February 2024 - 10:11 am

ශ්‍රී ලංකාවේ දුම්රිය වල හැපී මියැදෙන අලි ඇතුන් සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වන අතර එය ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ අවධානය යොමු වී ඇති පාරිසරික සහ සංවර්ධන ගැටළුවක් බවට පත්ව තිබේ. ඒ සඳහා විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශව රැසක් දීර්ඝ කාලයක් තිස්සේ විසඳුම් රැසක් යෝජනා කර ක්‍රියාත්මක කර ඇති නමුත් දුම්රිය වල අලි ඇතුන් ගැටීම වළක්වා ගැනීමට රටක් වශයෙන් තවමත් අප අපොහොසත් වී තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව, සුරකිමු දුම්රිය ජාතික වයාපාරය ඇතුළු ආයතන සහ සංවිධාන සමඟ සාකච්ඡා පවත්වමින් මේ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කළ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය අලි – දුම්රිය ගැටුම් වැළැක්වීම උදෙසා යෝජනා රැසක් මීට සති කිහිපයකට පෙර රජයට ඉදිරිපත් කරන ලදි. ඒ අතුරින් ප්‍රධාන යෝජනාවක් වූයේ පසුගිය වසර කිහිපය තුල දුම්රිය වල ගැටීම නිසා වැඩිම වන අලි ප්‍රමාණයක් මිය ගිය, අඹන්පොල සහ ගල්ගමුව දුම්රිය ස්ථාන අතර වන අලි 150 – 200 ත් අතර ප්‍රමාණයක් නිරන්තරයෙන් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන, කාසිකොටේ, ගැටදිවුල යන ස්ථානයේ දැනට ක්‍රියාත්මක දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ දුම්රිය මාර්ගයට යටින් වනජීවී උමං මාර්ගයක් ඉදිකර දෙන ලෙස වූ යෝජනාවය.

මේ පිළිබඳව මූලික සාකච්ජා කිහිපයක් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා සමඟ අප පැවැත් වූ අතර, එහි ශක්‍යතාවය අධ්‍යයනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ නිරීක්ෂණ චාරිකා කිහිපයකටද සුරකිමු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී විය. එහිදී එම ස්ථානයට නුදුරින් පවතින පැරණි බෝක්කුවක් වනජීවී උමං මාර්ගයක් වශයෙන් අවශ්‍ය දිග පළලින් යුතුව සංවර්ධනය කිරීමට යෝජනා කළද එහි පවතින තාක්ෂණික ගැටළු කිහිපයක් නිසා අලිමංකඩ ලෙස හඳුනාගත් ස්ථානයේ නව වනජීවී උමගක් සෑදීමට ඔවුන් යෝජනා කර තිබේ.

එම වනජීවී උමං මාර්ගය සෑදීමේ ව්‍යාපෘතිය සහ අලි – දුම්රිය ගැටුම් අවම කිරීම උදෙසා ඕස්ට්‍රේලියානු සහ ඇමරිකා එක්සත් ජනපද රජයන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික වැඩසටහන සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ සාකච්ඡාවක් දින (පෙබ. 21) ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවිත්විනි. ඒ සඳහා පුවාහන අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය ආයතන වල ප්‍රධානීන්, ඕස්ට්‍රේලියානු රජයේ නියෝජිතයින්, සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

එහිදී අලි – දුම්රිය ගැටුම් වලකන ජාතික ක්‍රියාන්විතයේ පළමු පියවර වශයෙන් යෝජිත වනජීවී උමං මාර්ගය ඉන්දියානු ණය ආධාර යටතේ සිදු කෙරෙන “මහව – අනුරාධපුර දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය” යටතේ ඉදි කිරීමට ප්‍රතිපත්තිමය තීරණය ගත් අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු නිල වශයෙන් ආරම්භ විය.

වන අලි 200 කගේ පමණ ජීවිත සුරක්ෂිත කෙරෙන මෙම කටයුත්ත ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් ගැනෙන දැවැන්ත පියවරක් වන අතර පරිසර සංවිධාන අත්කරගත් විශාල ජයග්‍රහණයකි. ඊට අමතරව දුම්රිය අනතුරු වළක්වා දුම්රිය දේපළ ආරක්ෂා කරගැනීමටත්, දුම්රිය මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් මෙම ව්‍යාපෘතිය විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත.

ඊට අමතරව අලි – දුම්රිය ගැටුම් අවම කිරීම උදෙසා ඕස්ට්‍රේලියානු සහ ඇමරිකා එක්සත් ජනපද රජයන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික වැඩසටහන පිළිබඳව වැදගත් තීරණ කිහිපයක් මෙම රැස්වීමේදී ගත් අතර සියළුම රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන එම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහයෝගයෙන් ක්‍රියා කිරීමට එකඟතාවයකට එළැඹිණි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවති මෙම රැස්වීමට ජූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ඇතුළු සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ නියෝජිතයින්, දුම්රිය සාමාන්‍යාධිකාරි එච්. එම්. කේ. ඩබ්ලියු. බණ්ඩාර මහතා, දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්, දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක අසෝක මුණසිංහ මහතා, වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ යූ. එල්. තවුෆීක් මහතා ප්‍රමුඛ නිලධාරීන්ද, ඕස්ට්‍රේලියානු රජයේ පරිසර දෙපාර්තමේන්තුවේ ආචාර්ය අමරා පරණගම මහත්මියද, ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා මහතා ද සහභාගී විය.

 


Top Stories
wedivistara

SRH vs RR: Sunrisers Hyderabad කණ්ඩායමට ලකුණු 1 ක ජයක්

wedivistara

ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට තීරණයක්

wedivistara

ගාසාහි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 33ක්

wedivistara

ආර්ථිකය ගොඩනැංවීමේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබෙනවා

wedivistara

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා – ජනපති

wedivistara

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටි ‘නිහොන්බෂි’ ජපන් අවන්හල ජනපති අතින් විවෘත කෙරේ

Trending
wedivistara

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි

wedivistara

“උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා – ඉරාන ජනපතිවරුන් අතින් ජනතා අයිතියට

wedivistara

ඉරාන – ශ්‍රී ලංකා ජනපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්

wedivistara

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටි ‘නිහොන්බෂි’ ජපන් අවන්හල ජනපති අතින් විවෘත කෙරේ

wedivistara

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා – ජනපති

wedivistara

ආර්ථිකය ගොඩනැංවීමේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබෙනවා


NEWS ALERT