Local

දේශපාලන මතභේද, වාදයට පමණක් සීමා කළ යුතුයි

Monday, 29 January 2024 - 9:50 pm

දේශපාලන මතභේද, වාදයට පමණක් සීමා කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය, ‟අලුත් ගමක් – අලුත් රටක්″ ජාතික ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන, පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී අද (29) පැවති අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –

අපි දැවැන්ත විශ්වාසයකින් රට ගොඩගත්තා. කවුරු මොනවා කිව්වත් ඔබ ඒ විශ්වාසය තැබූවා. අපි වැටුණු බරපතළ පසුබෑමෙන් අද රට හිස ඔසවා තිබෙනවා. ලෝකයේ රටවල් අපිත් එක්ක ගණුදෙනු නැවැත්වූවා. බැංකු පද්ධතිය ගණුදෙනු නැවැත්වුවා. අමාරු අවස්ථාවල යළි විශ්වාසය දිනාගෙන ඒ අවස්ථා සමඟ ගණුදෙනු කරමින් රට පුළුල් තත්ත්වයකට, යහපත් තත්ත්වයකට ගෙනාවා. පුංචි පුංචි ගැටළු තිබුණාට අපි ප්‍රධාන වැටීමෙන් රට ගොඩ ගත්තා.

රජයේ සේවකයන්ගේ විශ්වාසය මතක් කරන්න ඕනේ. ඔබ උගත් බුද්ධිමත් තොරතුරු දන්න පිරිසක්. ග්‍රීසියට මොකද වුණේ. ආර්ථික පසුබෑමට ලක්වුණා. රජයේ සේවකයින් අඩු කළා. අපි එහෙම කළේ නැහැ. අපි විශ්‍රාම වැටුප් ගෙවීම් කළා. කිසිම දවසක වැටුප නැවැත්වූවේ නැහැ.

රටේ නිෂ්පාදනය වැඩි කරලා අතිරික්තයක් උපයන්න තරම් ගොවීන් අපට විශාල ශක්තියක් වුණා. මේ රට, ඒ වගේම ලෝකය අපිව විශ්වාස කළා. ඒ විශ්වාසය මත රටට ගොඩ යන්න පුළුවන් කියලා අද අපි දන්නවා. අපි ඒ දුෂ්කර කාලය පසු කරල ඔබේ ජනතාවට දරුවන්ට අනාගතය සකස් කළා. දේශපාලන මතභේද වාදයට පමණක් සීමා කළ යුතුයි. අපි ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් ඉලක්ක ගත වැඩපිළිවෙළ ඉටු කිරීමට රාජ්‍ය නිලධාරියාට වගකීමක් යුතුකමක් තිබෙනවා.

ඒ නිසා රාජ්‍ය සේවකයින් විදියට විශාල හැකියාවක් වගකීමක්, යුතුකමක් තිබෙනවා. රාජ්‍ය සේවය දැනට කරගෙන යන සංවර්ධන ක්‍රියාවලියට සහ ඉදිරියේදී ඉලක්කගත සංවර්ධනයන් වලට දායක වෙන්න. මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයට රාජ්‍ය සේවකයින්ගේ සහයෝගය ලබා දෙන්න කියලා.

රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් සහ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම යන මහත්වරුන් මෙහිදී අදහස් දැක් වූ අතර උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, කීන්ස් නෙල්සන්, යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු සහ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT