Local

අද කාලගුණ නිවේදනය

Friday, 10 November 2023 - 4:50 pm

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Top Stories
wedivistara

හිස් ඡන්ද පෙට්ටි රටපුරා යවයි.. 21 පුරවා ආපසු…

wedivistara

අද රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලය

wedivistara

සමාජ ජාලා නිරීක්‍ෂණය අරඹයි..

wedivistara

ගාළු මුවදොර අරගලකරුවන්ගේ සම්පූර්ණ සහාට සජිත්ටයි..

wedivistara

සජිත් දැන් අපි නිසා වෙනස් වෙලා.. දැන් එයා පරිණතයි..

wedivistara

ඇමති හතරක මාලිමා කැබිනෙට්ටුව නම් කර සූදානම් කරයි..

Trending
wedivistara

තවමත් ලංකාව අර්බුදයේයි.. අමාරුවෙන් ලැබූ ජයග්‍රහණ රැකගැනීම වැදගත්… - IMF මාධ්‍ය හමුවක

wedivistara

අමාත්‍යංශ ලේකම්වරුන් හා පරිපාලන ජ්‍යෙෂ්ඨයන් රැසක් ගෙදර යති..

wedivistara

රනිල් වෙනුවෙන් මහා සංඝරත්නය මහින්දගෙන් කළ ඉල්ලීම

wedivistara

IMF ගමන වැටුනොත් රට ලොකුම අමාරුවක වැටෙනවා.. මෙහෙම හරි දුවන්නේ IMF නිසයි..

wedivistara

සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..

wedivistara

ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න අනුර සුදානමින්


NEWS ALERT