International

12 වන ගෝලීය වීඩියෝ මාධ්‍ය සංසදය පැවැත්වෙයි

Tuesday, 03 December 2024 - 7:47 pm

12 වන ගෝලීය වීඩියෝ මාධ්‍ය සංසදය අද(03) චීනයේ Fujian පළාතේ Quanzhou නගරයේ දී ආරම්භ වී තිබෙනවා.

මෙම සංසදය චීන මාධ්‍ය සමූහයේ ජාත්‍යන්තර වීඩියෝ ඒජන්සිය විසින් සංවිධාන කරන ලද්දක්.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සංසදයට එක්වෙමින් පැවසුවේ ජාත්‍යන්තරයේ ප්‍රමුඛ පෙළේ නවාකාරයෙන් යුත් ප්‍රධාන මාධ්‍ය ආයතනයක් ලෙසට චීන මාධ්‍ය සමූහය, සිය තාක්ෂණික හා විකාශන හැකියාවන් ඔස්සේ හුවමාරු, සහයෝගිතා සහ පොදු සමෘද්ධිය උදෙසා පාලමක් ගොඩ නැගීමට සූදානම් බවයි.

විවිධ රටවල වීඩියෝ මාධ්‍යයන්, සම්බන්ධීකරණ, හුවමාරු හා සහයෝගිතා තහවුරු කළ යුතු බව සංසදයට එක්ව සිටි විද්වතුන් සඳහන් කර තිබෙනවා.

දරිද්‍රතාවය පිටුදැකීම, කාර්මීකරණය, කෘෂි නවීකරණය, හරිත තිරසර සංවර්ධනය වෙත ඉහළ අවධානය යොමු කළ යුතු අතර සංවර්ධනය වෙමින් පවතින රටවල නවීකරණ සංකල්ප හා අත්දැකීම් පුළුල් ලෙස බෙදා ගත යුතු බවත් එහිදී අවධාරණය කර ඇති බව සඳහන්.

මෙමගින් ගෝලීය දකු‍ණේ රාජ්‍යයන්ට නවීකරණය කරා පොදුවේ ගමන් කිරීමට පිටුබලයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔවුන්ගේ අදහස වී තිබෙනවා.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මාධ්‍ය සඳහා භාවිත කිරීම හා පාලනය පුළුල් අයුරින් සාකච්ඡා කිරීමෙන් ගෝලීය දකුණේ රාජ්‍යයන් හි ඩිජිටල්කරණයේ ප්‍රශස්ත අනාගතයක් නිර්මාණය කර දීම මෙම සංසද‍යේ ප්‍රධාන අරමුණ වනවා.

රටවල් 60කට වැඩි සංඛ්‍යාවකින් හා කලාපවලින් පැමිණි මාධ්‍ය 87ක නියෝජිතයෝ 200ක පමණ පිරිසක් ඊට එක්ව සිටියා.

ගෝලීය දකුණේ රාජ්‍යයන් මාධ්‍ය සංවාද සහයෝගිතා ක්‍රමවේද ඒකාබද්ධ කිරීමේ මුලපිරුම’ ද එහිදී නිකුත් කෙරුණා.


Top Stories
wedivistara

යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

කොස්ගොඩ, වෙඩි තැබීම 'ෂාන් මල්ලි' - 'බාලේ' ගැටුමේ දිගුවක්

wedivistara

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම ගැන සමුළුව අනිද්දා ඇරඹෙයි

wedivistara

"භාතියගේ ජීවිතය බේරා ගැනීම අපහසුයි" - පශු වෛද්‍යවරු කියයි

wedivistara

කෙහෙළියගේ නඩුවේ ඇමණුම් මුද්‍රණ වියදම කෝටිය පනී - නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

Trending
wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

අමෙරිකානු ගායක් ෂෝන් 'ඩිඩි' කොම්බ්ස් බරපතල චෝදනාවලින් නිදහස්

wedivistara

ටෙක්සාස්හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි


NEWS ALERT