Local

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට වසර 40 ක් පිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක්

Thursday, 01 August 2024 - 1:53 pm

ශ්‍රී ජයවර්ධනපුර  මහ රෝහලට වසර 40 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවය අද (01) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු  මිසුකොෂි හිදෙඅකි, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන්‌ගේ සහභාගීත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේ දි පැවැත්විනි.

1984 වසරේ සැප්තැම්බර් 17 ඇඳන් 1001 ක දාරිතාවයකින් යුතුව ආරම්භ වූ  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ජපන් රජයේ පරිත්‍යාගයකි.

ජපන් ගෘහ නිර්මාණ ශීල්පයට අනුව ඉදිකළ මෙම රෝහලේ එවකට ආසියාවේ විශාලතම අංග සම්පූර්ණ රෝහල ලෙස ද හැදින්විය. එවකට එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 850 කි. වර්තමානය වන විට රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය 1800 කි.

ශ්‍රී ජයවර්ධනපුර  මහ රෝහලට වසර 40 ක් පිරිම නිමිත්තෙන් පැවැති සැමරුම් උත්සවයට සමගාමීව රෝහල තුල සම සහ රූපලාවන්‍ය සායනය සහ ලේසර් මධ්‍යස්ථානය (Skin & Cosmetic Care Centre) ස්ථාපිත කිරීම ද සිදු වු අතර, මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රමදායකත්වය සහ සැළසුම් නිර්මාණය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කර ඇත.

මෙරට වකුගඩු රෝගින් හට සහනදායි මිලකට රුධීර කාන්දුකරණ සේවා සපයන රෝහල තුල ස්ථාපිත වෘක්තවේදීය හා රුධිර කාන්දුකරණ අංශය සහ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගී ප්‍රතිශතය සියයට 50 කින්  අඩු කර ගැනීම අරමුණු කර ගනිමින් රෝහල තුල ක්‍රියාත්මක  ගුණාත්මක කෙටිකාලින ප්‍රතිකාර එ්කකය ද (Short Stay Unit) සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක් විය.

මෙහිදි අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ….

මෙම රෝහල ඇතුලු මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය සහ සංවර්ධනය වෙනුවෙන් ජපන් රජය ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නංවමින් විශාල දායකත්වයක් ලබා දී ඇති බව සිහිපත් කරන ලදි. එ් වෙනුවෙන් ජපන් රජයටත්, ජපන් ජනතාවටත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තමන් ස්තූතිය පුද කරන බවද පැවසීය. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ජපන් රජය සෘජු දායකත්වය දක්වන බව අවධාරනය කළ අමාත්‍යවරයා එයට ලගම උදාහරණය ලෙස රුපියල් මිලියන 383 කට අධික වටිනාකමකින් ඇතිව ලබාදුන් අධිශීතකරණ ලොරි රථ හා කැබි රථ පරිත්‍යාගය සිහිපත් කරන ලදි. මෙරට ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සදහා රජය වර්ෂිකව විශාල මුදලක් වැය කරන බවත්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවිමට පියවර ගනිමින් ඉදිරි‌ කාලය තුල සෑම දිස්ත්‍රික්කයකම පුනරුත්ථාපන එ්කකයක් සහ සහන සත්කාර ඒකකයක් බැගින් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් පැවැසීය.

රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන්, නව පැකේජ ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රතිකාර සේවාවන් දියත් කිරිම, ‌සවස් කාලයේ ගාස්තුවලට යටතේව ලබාදෙනු ලබන විශේෂඥ වෛද්‍ය සේවාවන් කාර්යක්ෂම ආරම්භ කිරිමට අවශ්‍ය උපදෙස් ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදි නිලධාරින්ට ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධූර විතානගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, සුනිල් ගලගම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ යන මහත්වරු, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.


Top Stories
wedivistara

හෙද සේවයට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදන දෙකක් සිකුරාදා නිකුත් කෙරේ

wedivistara

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල පහක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

online ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

හරක් කටා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම ‍කෙරේ

wedivistara

නව සයිබර් ආරක්ෂණ සැලැස්මට කැබිනට් අනුමැතිය

wedivistara

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටුමකින් සිසුන් 04 ක් තුවාල ලබයි

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි


NEWS ALERT