Business

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Bes t Management Practices Company Awards 2024 සම්මාන උලෙළේදී පිදුම් ලබයි

Saturday, 13 April 2024 - 9:57 am

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ශක්තිමත්ම රක්‍ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) 2024 වසරේ විශිෂ්ට කළමනාකරණ ක්‍රියාවලි අනුගමනය කරන සමාගම් සඳහා වූ (Best Management Practices Company Awards 2024) සම්මාන උලෙළේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. සම්මාන උලෙළ 2024 මාර්තු 13 වැනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ Oak Room හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM Sri Lanka) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උලෙළෙහි අරමුණ වන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සමාගම් ඔවුන්ගේ සුවිශේෂී ආයතනික වර්ධනය සහ සාර්ථකත්වය සඳහා ඇගයීමට ලක්කිරීමයි. මෙම සම්මාන මඟින් 2023 වර්ෂය තුළ සමාගමේ නායකත්වය,

ප්‍රතිපත්ති, උපාය මාර්ග, පුද්ගල කළමනාකරණය, හවුල්කාරිත්වය සහ සම්පත්, ක්‍රියාවලි සහ කාර්ය සාධන ඉස්මතු කරමින් විශිෂ්ට කළමනාකරණ ක්‍රියාවලි (Best Management Practices) අනුමත කරනු ලබයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙම උලෙළේදී සම්මානයට පාත්‍ර වූ ප්‍රමුඛතම සමාගම් දහය අතරට එක් වූ අතර, ‘රක්ෂණ – රාජ්‍ය අංශයේ සමාගම්’ කාණ්ඩයේ ජයග්‍රාහකත්වය හිමි කරගැනීමට ද සමත් විය. මෙම සම්මාන මඟින් පිළිබිඹු වනුයේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම සහ ආයතනය තුළ කාර්ය සාධනය මත පදනම් වූ සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා සමාගමේ කැපවීමයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලු‍ත්ගම මහතා අදහස් දක්වමින් පැවසුවේ, “මෙම සම්මාන දිනා ගැනීම අප කාර්ය මණ්ඩලයේ නොපසුබට උත්සාහය විදහා දැක්වෙන හොඳම නිදසුනකි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි, අපි හොඳම කළමනාකරණ ක්‍රියාවලි අනුගමනය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩව උත්සාහ කර ඇති අතර, මෙම සම්මාන මඟින් අපගේ විශිෂ්ටත්වය සඳහා වූ

කැපවීම මනාව පිළිබිඹු වේ. මෙය අපට සතුටුදායක අවස්ථාවක් වන අතර, අපගේ කාර්යමණ්ඩලයේ උනන්දුව සහ කැපවීම ඉතාමත් ඉහළින් අගය කර සිටිමි” යන්නයි.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT