Local

පන්නිල ආනන්ද නාහිමිගේ ජන්ම දිනයට පින්කම් මාලාවක්

Monday, 29 January 2024 - 10:30 am

අත්තනගල්ල අරහත්ත රාජමහා විහාරාධිපති, ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ 77 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පසුගියදා (26) පින්කම් මාලාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල මහනාහිමියන් විසින් ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් විශේෂ තිළිණයක් ද ලබා දෙන ලදි.
මෙම පින්කම් මාලාවට සමගාමීව අත්තනගල්ල අරහත්ත රාජමහා විහාරයේ බෝධි ප්‍රාකාරය ඉදිරිපිට අභිනවයෙන් ඉදිකළ කිරිගරුඬ බුදුපිළිම නිරාවරණය කිරීම, අවට විහාරස්ථානවල වැඩවාසය කරන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් වෛද්‍ය සායනයක් පැවැත්වීම, වතුපිටිවල රෝහලේ අලුතින් ඉදිකළ බුදු මැදුර හා වැසිකිළි පද්ධතිය විවෘත කිරීම, 3000කට අධික ප්‍රදේශවාසීන්ට ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීම මෙන්ම අක්ෂි කාච පරිත්‍යාග කිරීමක් ද සිදු කෙරිණි. තවද මෙහිදී අඩු ආදායම්ලාභීන් 300කට පමණ වියළි ආහාර බෙදා දුන් අතර ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ට නිදුක් නිරෝගී චිරජීවනය පතා අටවිසි සම්බුද්ධ පූජාවක් ද දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි. ඉන් අනතුරුව පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් කතරගම කිරි වෙහෙර බෝසමිඳුන් උදෙසා ගිලන්පස පූජාවක් ද පවත්වා පින්කම් මාලාව අවසන් කෙරිණි.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT