ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් සහ නිසිපරිදි වාර්තා සකස් නොකළ අපේක්ෂකයන්ට එරෙහිව ඉදිරියේදි ක්‍රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් තිදෙනෙකු මේවන විටත් සිය ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට බාරදී නොමැති බව පැවසීය.
ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කිහිපයක් පවා ආදායම් වියදම් වාර්තා නිසියාකාරව සකස් කර නොමැති බව පැවසීය.
දේශපාලන පක්ෂ කිහිපයක් ආදායම් වියදම් වාර්තා නිසියාකාරව ලබාදී ඇතිබව එහිදී පැවසීය.
අදාළ අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ද කටයුතු කරමින් ඇතිබව විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.