සියලු කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
රියැදුරන් කාර්යක්ෂමතා විභාගයට මුහුණ දීම හේතුවෙන් පසුගිය දින තුනේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණා.
එම දිනවල ප්‍රධාන දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට පියවර ගත්තද කෙටි දුර ධාවන දුම්රිය ඇතුළු දුම්රිය රැසක ගමන්වාර අවලංගු කිරීමට සිදුව තිබුණා.