Sports

විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න

Tuesday, 16 April 2024 - 12:44 pm

විස්සයි විස්ස ලෝක කුසාලනයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සංචිතය නම් කර ඇති බවට තොරතුරු මේ වනවිට වාර්තා වේ

ඒ සඳහා ක්‍රීඩකයින් 32 දෙනෙකු ඇතුළත් කර ඇති බව සඳහන් කෙරේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, ඔවුන් අලුත් අවුරුදු නිවාඩුවෙන් අනතුරුව සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.

ඒ අනුව, භානුක රාජපක්ෂ, පා දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් සහ පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුශංක ඊට ඇතුළත් කර ඇති බව ද සඳහන්වේ.

විජයකාන්ත් වියස්කාන්ත් මේ වනවිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රභාද් කණ්ඩායම නියෝජනය කරනු ලබයි. ඒ, ආබාධයකට ලක්ව ඇති වනිඳු හසරංගගේ ආදේශකයකට අනුවයි.

මූලික සංචිතයට ඇතුළත් කර ඇති ක්‍රීඩකයින් දේශීය විස්සයි විස්ස තරග සඳහා ක්‍රීඩා කරනු ඇති බව ද වාර්තාවේ.

එහි දී පෙන්නුම් කරන දක්ෂතා මත බටහිර ඉන්දිය කොදෙව් සහ අමෙරිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන අවසන් සංචිතය නම් කිරීමට නියමිත බව ද සඳහන් වේ.

32 දෙනෙකුගෙන් යුත් මූලික විස්සයි විස්ස සංචිතය පහත දැක්වේ.

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෘස්පුල්ලේ, දිනේෂ් චන්දිමාල්, සහන් ආරච්චිගේ, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, මහේෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, ළහිරු කුමාර, ළහිරු මධුශංක,නුවන් තුෂාර,බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, විජයකාන්ත් වියස්කාන්ත්.


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT